ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් තනතුර සඳහා මේ වන විට සීතල යුද්ධයක් අමාත්‍යංශය තුළ පවතින බව යි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සීතල යුද්ධය ආරම්භවීමට හේතුව වී ඇත්තේ ලේකම්වරයාගේ නිල කාලය ලබන 1දායින් අවසන් වන බැවින් යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මී ළඟට සෞඛ්‍ය ලේකම්වරයා වීමට සුදුසුකම් පවතින පුද්ගයින් ලේකම් තනතුරට පත්කිරීමට නොහැකි වන සේ ඔවුන්ට විරුද්ධව මේ වන විට මඩප්‍රහාරයන් දියත් කරමින් අසත්‍ය ප්‍රවෘත්ති මවමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
කෙසේ නමුත් අමාත්‍යංශ ලේකම්වරයාව පත්කිරිමේ හෝ ඉවත්කිරිමේ සම්පූර්ණ බලය හිමිවනුයේ ඇමතිවරයාටය.