ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වැඩ තහනමකට ලක්ව තිබෙන අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක්ගේ සේව ලබා ගත් ආයතනයයේ ප්‍රධානියා දැන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.
අචාර ධර්ම කඩකිරීමේ හේතුමත අදාල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ රාජකාරීය පසුගිය දෙසැම්බර් මස 20 දා සිට බලපැවැත්වෙන පරිදි මාස අටක් සදහා වෛද්‍ය සභාව මගින් අත් හිටුවා ඒ සම්බන්ධව සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති පසුබිමක ඔහු සිය රාජකාරිය සියලු වරප්‍රසාද ලබමින් සිදුකර තිබීම සම්බන්ධව අද (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී සිදුකළ ප්‍රශ්නකිරීමකට පිළිතුර දෙමින් අතිරේක ලේකම්වරයා පැවසුවේය.
මෙසේ සේවය අත්හිටවු පුද්ගලයෙකුගේ සේවා ලබා ගැනීමට යම් ආයතනයක් කටයුතු කර ඇත්නම් ඒ පිලිබඳව වහාම පරික්ෂණයක් පැවැත්විය යුතු යැයිද අතිරේක ලේකම්වරයා කීවේය.







