ලලිත් චාමින්ද –
කම්කරු දේපාර්තමේන්තුව විසින් පුද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ හිමිකම් ප්රතිලාභ නොලැබිම සම්බන්ධයෙන් පවරනු ලැබු නඩු වලින් නඩු 4,596ක් 2022 වර්ෂයේ මාර්තු මස 31 දිනට අක්‍රිය නඩු බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම අක්‍රිය නඩුවල මුල්‍ය වටිනාකම රුපියල් 1738,630,576 කි. ( දල වශයෙන් බිලියන 1.74කි) මේදිනට සමස්ත විවෘත වරෙන්තු නඩු සංඛ්‍යාව 2,325කි. එම නඩුවල මුල්‍ය වටිනාකම රුපියල් 642,956,437කි. පවරනු ලැබු ඇතැම් නඩු වසර 01 සිට වසර 30 අතර කාලපරාසයක් තුළ අක්‍රිය ව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
හිමිකම් ප්රතිලාභ ලබා ගැනිමට ගෙන ඇති නිතිමය ක්‍රියාමාර්ග කඩිනම්කර සේවා නියුක්තිකයන්ගේ හිමිකම් ලබාදිමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.