බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවකයෙක් පැහැරගත් බවට චෝදනා ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු වැඩ බලන ලේඛකාධිකාරීවරිය අධිකරණයට…

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  සේවකයෙක් පැහැර ගැනීම සම්බන්ධව අධිකරණයේ ගොනුවී ඇති නඩුවකට අදාලව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු වැඩබලන ලේඛකාධිකාරීවරියක ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන් පස් දෙනෙකුට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රාජකරුණා   විසින් එක් අයෙකුට රුපියල් දහසක මුදල් සහ ලක්ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප නියම කළේය.

මෙසේ මුදල් ඇප සහ ශරීර ඇප නියම වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු වැඩ බලන ලේඛකාධිකාරී ඒ.එම්. ජී ජයන්තා ධර්මසිරි, ප්‍රධාන ආරක්ෂක නිලධාරී එන්. ඒ. සූරියබණ්ඩාර, ආරක්ෂක නියාමක කේ. පී. පී මධුශංක, ආරක්ෂක පරීක්ෂකවරුන් වන බෙනට් ජයවර්ධන, ඩබ්ලිව්. සී. කේ. සිරිවර්ධන, ආරක්ෂක රියදුරු ඩී. එම්. එස්. කේ. දිසානායක  යන අයට ය.

විද්‍යා පිඨයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ තාක්ෂණ නිලධාරියකු වූ සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ ගේ රාජකාරිය ට බාධා කරමින් ඔහු පැහැරගෙන ගොස් හිංසා කළ බවට ඔහු පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නිලධාරීන් අද අධිකරණය හමුවේ පෙනී සිට තිබිණි.

අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ ආරක්ෂක නියාමක අතුල බණ්ඩාර නමැති අය මෙදින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා  ඔහුට වරෙන්තු නිකුත් කරනු ලැබීය.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි නයෝමි කරුණාරත්න   2022 මැයි 27 දින ලිපියක් යොමු කරමින් ඔහුගේ  විශ්‍රාම පාරිතෝෂික හා අර්ථ සාධක මුදල් දින 14 ක් තුළ නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස සංජීව රාජපක්ෂ නැමැති අයට දැනුම් දී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තමන් ගේ සේවය අවසන් කරන ලද බව දන්වා තමන් වෙත ලිපියක් විශ්වවිද්‍යාලය මගින් ලබා දී නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධව විමසීමට 2022 මැයි 30 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය වෙත ගිය අවස්ථාවේ තමන්ට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බව සංජිව රවින්ද්‍ර රාජපක්ෂ  පවසයි.

අදාළ පැමිණිල්ල පොලීසියට වෙත සිදු කිරීමෙන් පසු 2022 සැප්තැම්බර් 16 දින අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව වාර තුනක මේ සම්බන්ධයෙන් සංජීව රාජපක්ෂ යන අය විසින්ම අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර  තිබේ.

මුදල් හා ශරීර ඇප මත මුදා හරින ලද සැකකරුවන් ට යළි සැප්තැම්බර් මස 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 08ක් වැස්ස නෑ… නියඟය නිසා මහවැලි කලාපවල කිරි ගවයින් 50000ක් හාමතේ….

Next Post

ගොවියාට වී කිලෝවකට සාධාරණ මිලක් දී සහල් මිල පාලනය කරගන්න රජයට සුළු හා මධ්‍යපරිමාන සහල් නිශ්පාදකයන්ගෙන් යෝජනාවක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.