ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු පක්ෂ 12ක නායකයන් මේ වන විට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වී විශේෂ සාකච්ඡාවක නිරත වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂවල නායකයන් මෙසේ එක්ව සිටින අතර ඔවුන් විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පසුගියදා දක්වන ලද විරෝධාකල්ප ප්‍රකාශ සහ පවතින පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට මුලපුරා ඇත්තේ ඊයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැනට පවතින තත්වයට සහ වර්තමාන අර්බුදයට විසඳුමක් ලබා ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමග ඒ සදහා සඳහා අනුගමනය කළ ඒසදහා අනුගමනය කලයුතු ක්‍රියා මාර්ගය සහ ක්‍රමෝපාය කවරේද යන්න සාකච්ඡා කිරීමට බව ඊට සම්බන්ධ ආරංචි මාර්ගයක් ලංකාසරට සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, නව ලංකා සමසමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර, අසංක නවරත්න, ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක් ඊට සහභාගී වන බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.







