අද (01) පස්වරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ගොස් දෙනියාය කොළවෙනිගම සත්මාලේ ඇල්ලට ඇද වැටුණු 16 හැවිරිදි පුතාත්, ඔහුව බේරා ගැනීම සඳහා දියට පනිනු ලැබූ 48 හැවිරිදි පියෙකුත් ජීවිතක්ෂයට පත් වී තිබේ.
හපුගල ගිංතොට ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, පුතා සහ දියණියන් දෙදෙනෙකු විනෝදය සඳහා මෙසේ පැමිණ ඇති බවත්, එහිදී දියට වැටුණු පුතාත්, ඔහුව බේරා ගැනීමට දියට පනිනු ලැබූ පියාත් දිය කඳේ ගිලී අතුරුහදහන් වී තිබේ.
පසුව සිරුර දෙක සොයාගනු ලැබ තිබිණි.
පියා සහ පුතා වැටී ඇති ස්ථානය අඩි 40ක් පමණ ගැඹුරු බවත්, මින් පෙර මෙම ස්ථානයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසා තිබිණි.