සූරියවැව නුවන් ජයසේර –
පවතින ආර්ථික දරිද්‍රතාවය හමුවේ බොහොමයක් දරුවන් ආහාර නොගෙන පාසලට පැමිණෙන බවට වාර්තා වීම හේතුවෙන් එම දරුවන් සඳහා ආහාර ලබා දීමේ අපූරු වැඩපිළිවෙළක් පිළිබඳ පුවතක් සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයට අයත් නමඩගස්වැව මහා විද්‍යාලයේ අපට වාර්තා විය.
ඒ අනුව ආහාර නොමැතිව පාසලට පැමිණෙන දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීමේ අරමුණින් පාසල තුළ ආහාර බැංකුවක් පවත්වාගෙන යාමට විදුහල්පති වරයා සහ ගුරුවරුන් එක්ව කටයුතු කර තිබේ.
මෙහිදි දිනපතා පාසලට පැමිණෙන ගුරුවරුන් විසින් වැඩි පුර බත් පැකට් එකක් හෝ දෙකක් රැගෙන විත් පාසල තුළ ස්ථාපිත කර ඇති ආහාර බැංකුව තුළ තැන්පත් කරන අතර ආහාර නොගෙන පාසලට පැමිණෙන දරුවන්ට එම ආහාර තාන්පත් කර ඇති ස්ථානයට ගොස් බත් පැකට් එකක් ලබා ගැනීමට හැකියාව පවතී.
පාසලට පැමිණෙන බොහෝ දරුවන්ද පාසලේ උදෑසන රැස්වීම් අවස්ථාවන්හිදී ක්ලාන්තය හැදි බිම ඇද වැටීම් වාර්තාවීම නිසා මේ පියවර ගුරුමණ්ඩලය විසින් අරගෙන තිබේ.
කෙසේ වෙතත් පාසල තුළ ස්ථාපිත කර ඇති මෙම ආහාර බැංකුව පිළිබදව අප විදුහල්පති වරයාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදිම ප්‍රතික්ෂේප කරන ලදි.
ගම්වාසී ජනතාව පවසන්නේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය විසින් ආරම්භ කර ඇති මෙම වැඩ පිළිවෙල ඉතා වටිනා එකක් බවය.