බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූදු ෂම්මිලා අධිකරණයත් දූෂණය කළ අයුරු ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

by editor
නොවැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ක්‍රිකට්  පාලක මණ්ඩලයේ පට්ට් දූෂිත හොරු රැළ අධිකරණයත්  සිය ග්‍රහණයට ගෙන දූෂණය කර ඇති ආකාරයත්, ඒ සඳහා  දියත් කර ඇති නින්දාසගගත වැඩපිළි‍වෙළත් අනාවරණය කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ  හෙළිදරව්වක් කළේය.  

අමාත්‍යවරයා  කළ හෙළිදරව් කිරීම මෙසේය.

කිරි කලය කියන්නේ මේ රටේ අධිකරණ පද්ධතිය. ශ්‍රේෂ්ඨාධිකරණ 04ක්,  අභියාචනාධිකරණ   12ක්,  මහාධිකරණ තියනවා 32ක්,  දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් අධිකරණ  125කින් යුතු මෙම අධිකරණ පද්ධතිය අධිකරණ 173කට වැඩියි.

මේ පාරිශුද්ධ අධිකරණ පද්ධතිය තුළ තිබෙන එක් අධිකරණ කාමරයක ප්‍රශ්නයක් තියනවා. අහිංසක මිනිස්සු අධිකරණයට යන්නේ යුක්තිය සාධාරණය ඉල්ලලා. මේ රටේ අධිකරණ පද්ධතියට මෙතෙක්කල් කිසිම කිලුටුවක් වෙලා තිබ්බෙ නෑ. ඒ අධිකරණ පද්ධතිය පිරිසිදුව තිබ්බා.  නමුත් කාමර අංක 301 අධිකරණයේ  නීතියේ දෙවඟනගේ අතේ තියන තරාදිය ක්‍රිිකට් සංගමයට බර වෙලා තියනවා.

මෙන්න මේකයි මෙතන තියන ප්‍රශ්නය. මම ඒක මේ විදිහට විග්‍රහ කිරීමට සූදානම්.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

“ කිසියම් අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අධිකරණයේ සභාපති ධූරයට පත් වූ පසු ඔහු කුමණ වර්ගයේ නඩු කටයුතු අසනවා ද යන්න තීරණය කරන්නේ එකී විනිසුරුවරයා විසිනි.”

“වර්තමාන අභියනාධිකරණ විනිසුරු ධූරය දරන බන්දුල කරුණාරත්න මැතිතුමා සභාපතිත්තවය දැරීමට පෙර එතුමා අසනු ලැබුවේ අපරාධ නඩු පමණක් වන අතර එතුමා විසින් රිට් නඩු කටයුතු නොයෙදෙන ලදී. “

“එතුමාට පෙර අභියචානධිකරණයේ සභාපති ලෙස කටයුතු කර දැනට ශ්‍රේෂ්ධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රියන්ත ප්‍රනාන්දු මැතිතුමා ද වර්තමාන අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙන්ම අපරාධ නඩු කටයුතු අසනු ලැබූ විනිසුරුවරයෙක්වන අතර ඔහු සභාපති වූ පසු ද එම අපරාධ නඩුම විමසන ලදී. ඔහු රිට් නඩු කටයුතු  අසනු ලැබුවේ නැත. “

“එසේ වුවද වත්මන් අභියාචනාධිකරණ සභාපති අපරාධ නඩු කටයුතු ඇසීමට අමතරව රිට් නඩු කටයුතු ද ඔහු යටතට ගෙන ඇති අතර ඉතාම අසාමාන්‍ය ලෙස විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ නඩු ඇසීමේ කටයුතු වෙනුවෙන් 2022 තුන්වැනි කාර්තුවේ සිට ගොනු කළ නඩු ඇසීමට තීන්දු කළේය. “

“ඒ සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විසින් චක්‍රලේකයක් නිකුත් කර ඇත. එය මේ අවස්ථාවේ දී සභාගත කරමි.”

“එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ බන්දුල කරුණාරත්න මහත්මා අභියාචනාධිකරණ විනිසුරු ලෙස දිවුරුම් දුන් දිනයේමය.  එය ඔහුගේ පළවෙනි රාජකාරි කටයුත්ත වී ඇති බව පැහැදිලිය. “

“සාමාන්‍ය පටිපාටිය අනුව නම් කර ඇති කිසියම් විනිසුරුවරයෙක් නඩු ඇසීමට තීරණය වන්නේ නම් වසරින් වසර මත මිස කාර්තු වශයෙන් නොවේ. විශේෂයෙන්ම 2022 තුන්වැනි කාර්තුව තෝරා ගනු ලැබුවේ ක්‍රිකට් සම්බන්ධ නඩු එතුමා විසින් විමසීමේ අරමුණිනි.”

“තවද සමාජ මාධ්‍ය ජාලවල හැසිරෙන වීඩියෝ පට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉතාම හිතවත් සහ උපදේශක ලෙස කටයුතු කරන,  අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස බන්දුල කරුණාරත්න මැති තුමා පත් වූ දිනයේ සිට ක්‍රිකට් සම්බන්ධ   නඩුවලට  පෙනී සිටීමද කරන,  ක්‍රිකට් සංගමයේ නිලවරණ විනිශ්ඡය මණ්ඩලයේද කටයුතු  කරන , ශම්මි සිල්වාගේ ඉතාම කුළුපග ගජ මිතුරෙක් වන නීතිඥ අසේල රැකව මහතාගේ මවගේ නැගනිය සමග බන්දුල කරුණාරත්න මහතා  විවාහ වී ඇති බවය.”

“එතකොට බන්දුල කරුණාරත්න මහත්මයාගේ බිරියයි අසේල රැකවගේ අම්මයි අක්කයි නංගියි. “

“අසේල රැකව තමයි ලබැඳියාවේ ගැටුම එන්නේ මෙතන.   බන්දුල කරුණාරත්න මහත්මයා උසාවියට එන්නත් කලින් ක්‍රිකට් වෙනුවෙන් පෙනී ඉන්නෙත් අසේල රැකව. ඒ වගේම ධනුෂ්ක ගුණතිලකගෙ තහනම ඉවත් කරනව  ද නැද්ද කියන එකේ කමිටුවේ ඉන්නේත අසේල රැකව. මේ පුද්ගලයාගේ සහ බන්දුල කරුණාරත්නගෙයි සම්බන්ධය මේක. විනිසුරුවරයා මේ දූෂිත කල්ලිය රැකවරණය දෙනවා අසේල රැකවගේ ඉල්ලීම පරිදි කටයුතු කරනවා. “

“මේ පිරිස මා හට විරුද්ධව පහත සඳහන් නඩු ගොනු කරලා තියනවා. එකී නඩු ගොනු කරනු ලැබුවේම ක්‍රීඩා ඇමති ලෙස මාහට කිසිම දැනුම් දීමක් නොකර ඒක පාර්ශවීය අතුරු නියෝග ලබා ගැනිම සඳහායි.  අධිකරණයෙන් එම අතුරු නියෝග ලබා දී තිබෙනවා..

එකී නඩු  අංක නම් 42/23, 58/23, 72/23, 80/23. ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩා ඇමති ලෙස මා හට විරුද්ධව පවරා ඇති මේ නඩුවලට ගෙවීමට   විගණකාධිපති වාර්තාවට අනුව ලක්ෂ 346ක් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වියදම් කර තිබෙනවා.

මා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයට විරුද්ධව මා හට කිසිම දැනුම් දීමක් නොකර ස්වභාවික යුක්තියේ මූලධර්මයට පටහැනිව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අතර ඇති ලබැඳියාවේ සම්බන්ධය මත පක්ෂ ග්‍රාහීව අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මහ දවල් අමු අමුවේ කෝටි ගණන් මුදල් වංචා කර ඇති බව ක්‍රීඩා ඇමති ලෙස මා පමණක් නොව, මුලු මහත් සකලවාසී ජනතාවම රටට කියා සිටින අවස්ථාවක, කුසලා සාරෝජනී වාර්තාව සහ විගණකාධිපති වාර්තාවේ කර ඇති වංචාවන් පැහැදිලිව හෙළි ඇති විට.  එම වාර්තාව පෙත්සමට ගොනුකර තිබියදීත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු එය තුට්ටුවකට මායිම් නොකර පක්ෂාග්‍රාහී ලෙස ඊයේ දින පෙරවරු 10.40ට අතුරු නියෝගය නිකුත් කළා. ඒ පිළිබඳව දැනුම් දීමේ නෝටිස් එක ඊයේ පෙරවරු 11.10ට අමාත්‍යාංශයට ලැබුණේ…

මට ආරංචි වුනා මේ වගේ තීන්දුවක් ගන්න යන බව. මම අසරණ වුන තරම ඔබතුමා දන්නේ නෑ. මම නීතිපති තුමාට කෝල් 05ක් විතර ගත්තා. මේ දූෂණ කල්ලියට ක්‍රිකට් යන්න යන්නේ. මම එන්නම් අධිකරණයට කියලා.

නීතිපතිවරයා කිව්වා මට ලිඛිතව නැතිව මේකට පෙනී ඉන්න බෑ කියලා. මම කිව්වා ඔබතුමාට මම මැසේජ් එකකින් එවන්නම්. ඔබතුමා මේකට පෙනී ඉන්න. ඔබතුමා උපදෙස් දෙන්න  කියලා.

මනෝහර ද සිල්වා මහත්මයාට කතා කළාම කිව්වා නීතිපති තුමාගේ උපදෙස් නැතිව මට පෙනී ඉන්න බෑ කියලා.  මම නැවත නීතිපතිතුමාට කතා කරලා කිව්වා මේකට පෙනී ඉන්න කියල. පෙනී ඉඳලා මේක බේරගන්න කියලා. නීතිපතිතුමා මගහැරියා. මේක තමයිය ඇත්ත කතාව

11.10ට නෝටිස් එක ලැබෙනවා. අතුරු පාලක මන්ඩලයට එරෙහිව අභියාචනාධිකරණ අධිකරණ විනිසුරු ලබාදුන් අතුරු තහනම් නියෝගය  එතුමාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලබැඳියාවේ සම්බන්ධය මත දෙනු ලැබූ පක්ෂග්‍රාහි තීන්දුවක් බවයි මට කියන්න තියෙන්නේ.

මෙරට සමාජය තුළ කතාබහට ලක්වී ඇති  පරිදි නීතියේ දෙවඟන අත ඇති තරාදිය දෙපස සම බර විය යුතු වුව ද අධිකරණ කාමර 301හි නීතියේ දෙවගනගේ අත ඇති තරාදිය ක්‍රිකට් සංගමය දෙසට වැඩි බරක් ඇති බව මට හැඟෙන බව යළිත් මා කියනවා.

මේ අවස්ථාවේදි  නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ ඇමතිවරයාට ඉල්ලීමක් කරමින් විනිසුරුවරුන්ගේ නම් ඔවුන්ගේ පෞද්ගලික විස්තර සඳහන් නොකරන ලෙස  දන්වා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගෙන හැර දක්වමින් 83.1 වගන්තිය මතු කරමිනි.

යළිත් ක්‍රීඩා ඇමතිවරයා මෙසේ කීවේය.

“නියෝජ්‍ය කතානායක තුමනි. මම මේ ආචාරධර්ම හා වරප්‍රසාද ආරක්ෂා වෙන්න ඕන. පාර්ලිමේන්තුවේ තියන අධිකරණ බලය තමයි විමධ්‍යගත කරලා තියෙන්නේ ගරු අධිකරණයට. ඉතාම පිරිසිදු අධිකරණ පද්ධතියක් තියෙද්දි  ඒ අධිකරණ බලය යම් හෝ තැනක අක්‍රමිකතාවයක් වෙනවා නම් ඒක අපි මෙතන කතා නොකර කොහෙද කතා කරන්නේ. “

“මේ වගේ  පුද්ගලයින් නිසා   නිවැරදිකාරයො වැරදි කාරයො වෙන්න පුලුවන්. මේක වෙන්න තියන්න බෑ. ඒ නිසා මම ඉල්ලනවා ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුවට මොහුව ගෙන්වන්න.

“මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා තව ටික දවසයි ඔහුට උසස් විම් ලැබෙන්න තියෙන්නේ . ශ්‍රේෂ්ඨාධිකරණයට මෙවැනි විනිසුරුවරුන් යවන එක ප්‍රශ්නයක්. එතනදි දෙන තීන්දු පක්ෂපාතී වෙන්න පලුුවන්. ඊට ඉඩ තියන්න එපා.”

“අද දින අධිකරණ කටයුතු පිළිබඳ විවාදයට නියමිත දිනයක් බැවින් මෙම සභාපති විනිසුරුවරයා ඇතුළත් මේ වාර්තාව යුක්තියේ නාමයෙන් සහ මෙවැනි අයුතුකම් ඉදිරියේදි නොවිය යුතු බවට දැන්වීම සඳහා සභාගත කරන ලෙසට සහ මෙම කතාව ශ්‍රී ලංකා ජනරජයේ අග්‍ර විනිශ්ඡයකාරතුමා වෙතට සහ අධිකරණ කොමිෂන් සභාව වෙත යවන ලෙස ගරු කතානායක තුමාගෙන් ඉල්ලා සිටිනවා. “

“මා මේ චෝදනාව එල්ල කරන්නේ අධිකරණය හෑල්ලුවට ලක් කිරීමට හෝ අපහාස කිරීමට නොව, සත්‍ය ඒ ආකාරයෙන්ම මහ ජනතාව දැනගැනීම සදහායි. ඒ නිසා ශ්‍රි ලංකා නීතිඥ සංගමය ද මේ පිළිබඳව සොයා බලා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරිමට ක්‍රියාකාරීව එක් වන මෙන් ඉල්ලා සිටිනවා. “

නීතිඥ සංගමයට වගකීමක් තියනවා මේ සම්බන්ධව ඉදිරියට එන්න.

මා මේ කරන්නෙ උඩුගම් බලා පීනීමක්. මේ රටේ කවුරු හෝ ඇත්ත වෙනුවෙන් කතා කළ යුතුයි. මම නීතියට ගරු කරනවා. අධිකරණයට ගරු කරනවා. මේ රටේ කුමණ ආයතන දූෂණ වුවත් අධිකරණයට ඇඟිලි ගහන්න කාටවත් ඉඩ දෙන්න බෑ. නීතිය ක්‍රියාත්මක කරනවා මෙන්ම නීතිය සාධාරණව ක්‍රියාත්මක වන  බවත් පෙනෙන්න ඕන.

ඊයේ දුන්න අධිකරණයේ  අභිමතය ක්‍රියාත්මක වෙන්න ඕන නීතිය ඉදිරියට යන පිරිසිදු පුද්ගලයින්ට පමණයි.  පිරිසිදු දෑතක් එක්ක යන්න ඕන. අධිකරණයට යන්නේ පට්ට හොරු. මේ පට්ට හොරු වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයො ඉන්නවා. මේ ක්‍රිකට් සංගමයො දූෂිතයොයි කුඩු කාරයයි එකයි.

මා ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි මේ පාර්ලිමේන්තුවෙන්. 2018 ඉඳලා වෝහාරික විගණනයක් කරන්න. පතුල හොයාගන්න බෑ දූෂණ. ඇවිත් තියන මුදල් නෙමෙයි, අත යට තියන ගනුදෙණු. මැච් ෆික්සිං කරලා තියෙන්නේ මේ රටේ ක්‍රිඩකයො නෙමෙයි.  ක්‍රීඩා සංගමයේ ඔය නිලධාරීන්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියට පාතාල තර්ජන එනවා නම් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය බලා ගත යුතුයි! මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි…

Next Post

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් පළවා හැරීමට පාර්ලිමේන්තුවම එක මිටට….

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.