නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධිය අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිද්ධවන විට එහි සී.සී.ටී.වී පද්ධතිය අක්‍රීය වී තිබීමත්, මාස ගණනක සිට මෙම පද්ධතිය සක්‍රීය කරගැනීමට ප්රමුඛ අවශ්‍යතාවයක් එහි පරිපාලන ප්‍රධානීන්ට නොතිබීමත් සම්බන්ධව කථිකාවක් අභ්‍යන්තරයේ ඇති වී ඇතැයි වාර්තා වේ.
රටේ ප්‍රධානම අපරාධකරුවන් සහ අපරාධ සිද්ධි සම්බන්ධව පරීක්ෂණය කරන ආයතනය මේ ආකාරයෙන් අනාරක්ෂිත කිරීම ගැටලු සහගත බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග හරක්කටා සම්බන්ධ සිද්ධියේ දි සිදුවූයේ කුමක්ද යන්න නොදන්නවා පමණක් නොව, අතුරුදහන් වූ කොස්තාපල්ට සිදුවූ දේ සොයා ගැනීමට සී.අයි.ඩී. යට වටේ පිටේ ආයතනවල සීසීටීවී දර්ශන සොය යෑමට සිදුවීම දෛවෝපගත සිද්ධියක් බව ද පෙන්වා දෙයි.
අතුරුදහන් වූ කොස්තාපල් පොලිසියේ ඉහළම නිලධාරීන්ගේ යම් යම් ගනුදෙනුවලට මැදිහත් වූ චරිතයක් බව ද පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
ඔහු පොලිසියට හසුනොවී පැනයෑම හා මේ සම්බන්ධතා අතර ගැලපීමක් තිබිය හැකි බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.