බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ඉරිදා දින ප්‍රහාරය ගැන මෛත්‍රිට එල්ල වී ඇති චෝදනා ගැන යළි සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ චැනල් 4 ප්‍රවෘත්ති මගින් පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධව හෙළිදරව් කර ඇති නව වර්ධනයන් සහ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා තමාට එල්ල වී ඇති චෝදනා යළි සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (15) ඉල්ලා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මෙම ඉල්ලීම කළේය.

නව ප්‍රවණතාවලින් පසුව මෙම පෙත්සම් නැවත විභාග කිරීමේ වැදගත්කම අවධාරණය කළ මුස්තාපා මහතා චැනල් 4 ප්‍රවෘත්ති මගින් හෙළිදරව් කරන ලද කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.

පාස්කු ඉරිදා විපතට පත් වූවන්ට වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා අධිකරණයට දන්වා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද රුපියල් මිලියන 100 න් හිටපු ජනාධිපතිවරයා විසින් 2023 ජුනි 28 වන දින වන්දි ගෙවීමේ කාර්යාලයට රුපියල් මිලියන 15 ක මුළු මුදලක් ගෙවා ඇති බව හිටපු ජනාධිපති සිරිසේන වෙනුවෙන් ගොනු කරන ලද මෝසමකින් ප්‍රකාශ වූ අතර ඉතිරි රුපියල් මිලියන 85ක මුදල තමන් වසරකට රුපියල් 8,500,000 බැගින් වාරික 10කින් 2024 ජුනි 30 වැනිදා සිට 2033 ජුනි 30 වැනිදායින් අවසන් වන පරිදි ගෙවන බව හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කෙරිණ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අර්ධ මුදලක් ගෙවා ඇති නමුත් ඉතිරි මුදල ගෙවීමට හැකියාවක් නොමැති බවයි.

ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු නොකිරීම හේතුවෙන් නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

වැඩිදුර විභාගය නොවැම්බර් 2 දිනට නියම කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සී.අයි.ඩි.යේ සීසීටීවි අක්‍රීය වීම සහ එම පද්ධතිය යථාවත් නොකර ආයතනය අනාරක්ෂිත කිරීම ගැටලුවක්… පොලිසියේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි!

Next Post

තරග පාවා දෙන්නන් නම් කර සචිත්‍ර ධම්මික ප්‍රසාද්ට යැවූ වට්ස් ඇප් පණිවිඩයක් උසාවියේ දී කියයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.