රුපියල් සීයට අඩුවෙන් නාඩු සහල් දෙන බව ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර කීවේය.
ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ඔහු එහිදී මෙසේ පැවසුවේය.
“අපි නාඩු හාල් දෙනවා රුපියල් 100ට අඩුවෙන්. කොහොම ද කියලා අහන්න එපා. සතියක කාලයක් දෙන්න.“
“ඒ සහල් අපි දෙනකොට සීයට අඩුවෙන්… එතකොට අපි බලමු ඔය ලොකු මෝල් කට්ටිය කොහොමද රුපියල් 112ට නාඩු හාල් විකුණන්නෙ කියලා.“. කිරිපිටි හිඟයක් ඇති බවත් එසේ හිඟ වූ පමණින් කිරිපිටි ආනයනය කරන්නන් ඉල්ලන රුපියල් 400ක මිල වැඩිවීම ලබා දිය නොහැකි බවත් ඇමතිවරයා කීවේය.