බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීනි බදු සෙල්ලමෙන් ජනපතිගේ හිතවතා ගිල්ල සල්ලි කන්ද ආපසු ඇද ගත හැකිද?

by editor
අප්‍රේල් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සීනි වංචාව දැන් හුදු දේශපාලන  ප්‍රලාපයක් යැයි කියන්නට කිසිසේත් නොහැකිය. එයට හෙතුව රජයේ ගිණුම්  විගණනය කරන විගණකාධිපතිවරයාම 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දි  පාරිභෝගිකයාට සහනයක් ලබාදිමේ අරමුණින් සීනි  ආනයනය කිරිමේ දි සීනි කිලෝග්‍රැම් 01ක් සඳහා පනවා තිබු විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 50සිට ශත 25 දක්වා අඩුකිරිම නිසා රටට අත්ව ඇති පාඩුව ගණන් බලා ඇත. පාර්ලිමෙන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව  විසින් කළ ඉල්ලීමකට අනුව එම වංචාව පිළිබඳ විශේෂ විගණයක් කර  නිල වශයෙන් වාර්තා කර තිබේ.  වාර්තාව පාරලිමෙන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙතද යොමු කර ඇත.

සජාන් මවුසුන්

ඉන් අනාවරණය වන  තොරතුරු අනුව ප්‍රධාන වංචාකරු     වර්තමාන ජනාධිබති ගෝඨාභය රාජපක්ෂට විශේෂ සහයක් ලබා දුන් ඔහුගේ හිකවත් වයාපාරිකයකු වූ සජාන් මවුසුන්ය. ඔහුට හිමි පිරමිඩ් විල්මාර් සමාගම මේ අයුතු ඉපයීම් කළවුන් අතර මුදලටම හිඳියි. අද ජනාධිපතිවරයාට ගෙදසර යන්නට බල කරන්නැයි අරගලය ගෝල්ෆෙස් අරගලකරුවන්   පාමුලින් නැගී සිටින  ශ්‍රැංගිලා හෝටලයේ හි  ශ්‍රී ලාංකික කොටස්කරුවකු වන ඔහු එම ෂැංග්‍රිලා ශ්‍රි ලංකා සමාගමේ සභාපතිවරයාද වන්නේය.

පසුගිය ජනාධිපතිවරණ මසමයේ වියත්මග රැස්වීම් ඇතුළු බොහෝ දේශපාලන රැස්වීම්වලට ෂැංගිල් ලැබුනේද සජාන් මවුසුන්ගේ  අනුග්‍රහයෙන් බව ප්‍රකට කරුණකි. ජනාධිපතිවරයාට ගෙදර යන්නට කියන තැනට ආර්ථිකයේ විනාශයට පාර කැපූ   උක්ත ගනුදෙනු ක්‍රියාවලි මැද සජාන් මවුසුන්ද එක් තීරණාත්මක  චරිතයකි. අද ඔහුත් ඇතැම් විට ෂැංග්‍රිලා හෝටලයේ ඉහළ මාලයකට වී අභිමත පරිදි සීනි යොදාගත් කෝපි කෝප්යක් තොල ගාමින්  ජනාධිපති ගෙදර යවන අරගලය දෙන විමසිලිමත්ව බලා සිටිනවා වන්නට පුලුවන.

පාඩුවේ තරම

ජාතික විගණන කාර්යාලය විසින්  සීනි සඳහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට ශත 25 දක්වා අඩුකිරිමෙන් පසු මාස 04ක්  හා දින 14ක කාලයක් තුළදි රජය රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් රට අහිමිකරගත්තේය. එනම් අපේ භාණ්ඩාගාරට එන්නටය තිබූ රුපියල් කෝටි 1676ක් අහිමි විය.

සීනි සම්බන්දයෙන් වූ මේ තිත්ත ගනුදෙනුව නිසා   රාජ්‍ය ආයතනයක් වන ලංකා සතොස ආයතනයටද  2020 ඔක්තෝබර් මස 14 දින සිට  පෙබරවාරි මස 08 වැනිදින දක්වා  කාලය තුළ රුපියල් මිලියන 102ක පාඩුවක් වි තිබුණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අඩු කළේ බද්දේ වාසිය ගත්තේ කවුද?

සීනිවල බදු අඩු කිරීමෙන් සාමාන්‍යයෙන්  සිලල්ර සීනි මිල රුපියල් 49.25කින්ම අඩුවිය යුතුව තිබුණි. එහෙත් අඩුම තරමින් රුපියල් 25කින්වත් සීනි මිල අඩු වුනේ නැත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට  අනුව මෙරට සුදු හා රතු සීනිවල මාසික පාරිභොජනය  මෙට්‍රික්ටොන් 50000කි.  මේ අවශ්‍යතාවට අපේ රටේ සීනි කර්මාන්තශාලාවලින් එකතු වන්නේ  මාසික ව  මෙට්‍රික්ටොන් 4359කි.  එනම් ඉතිරි අවශ්‍යතාව වන ටොන් 45,000ම ගන්නේ පිටරටිනි.

1974 වර්ෂයේ දි සීනි මෙට්‍රක් ටොන්  46ක් ආනයනය කළ ශ්‍රි ලංකාව මේ වනවිට වර්ෂයකට සීනි  මෙට්‍රික් ටොන්  596.000ක් පමණ  ආනයනය කරයි. සීනි සඳහා  බද්ද  අඩුකිරිමට පෙර  එනම් 2020 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට  ඔක්තෝබර් මස 13 වැනිදින  දක්වා මාස 09 කාලය තුළ මෙරටට සීනි ගෙන්වන  ප්‍රධාන ආනයනකරුවන් 09 දෙනෙකු විසින්  සුදු සීනි මෙට්‍රික් ටොන්   3 91,945.9 ක් ආනයනය කොට තිබුණි.   අනිකුත් ආනයනකරුවන් විසින් ආනයනය කොට තිබුණේ සුදු සීනි මෙට්‍රික් ටොන්  46,720කි.

එහෙත් බදු මුදල අඩු කිරීමෙන් පසු  ප්‍රධාන ආනයනකරුවන්   09 දෙනා  සහ සුළු ආනයනකරුවන් විසින් 2020 ඔක්තෝබර් මස 14 දින සිට  පෙබරවාරි මස 28 දක්වා කාලය තුළදි සුදු සීනි මෙට්‍රික් ටොන් 2,77,715 ක් ගෙන්වා තිබුණි. බදු මුදල අඩුකිරිමට ප්‍රථම  මෙරට මාසක සීනි ආනයන කිලෝග්‍රැම් ප්‍රමාණය 666,660කි.  බදු මුදල අඩුකිරිමෙන් පසු මාසික සීනි ආනයනය කිලෝග්‍රැම් 27,823,489 ක් දක්වා  අසාමාන්‍ය ලෙස වර්ධනය වි තිබුණි.

සජාන් මවුසුන්ගේ සීනී

සීනි සදහා පනවා තිබු විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කිරිමෙන් පසු  මෙරටට ආනයනය කොට තිබු සීනි මෙට්‍රික්ටොන් 2,77,715 ක් ඇතුළත්  සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට ඇත්තේ  රජයේ ආශිර්වාදය ලබන හිකවතා යයි සඳහන් වන සජාන් මවුසුන් ට අයත් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම ය. එම සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන්  1,25,207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ සජාන් මවුසුන් ගේ  විල්මා පුද්ගලික සමාගමේ සීනි ආනයනය සියයට  1222කින්  වැඩිවි තිබුණි. එම සමාගමේ මාසික සීනි ආනයනය කිලෝග්‍රැම් 27 823 989කි. එම පදනම මත මෙකී සමාගමට රුපියල්   6,229,025,820  ක බදු වාසියක්  බදු ගෙවන අවස්ථාවේ දි හිමිව තිබුණි.

කෙසේවුවද  සීනි  ආනයනය කරනු ලැබු වෙනත් කිසිදු සමාගමක්  එම කාලය තුළ  පෙර පැවති  ආනයන ප්‍රමාණය සියයට 10 ඉක්මවා  ආනයනය කර නොතිබුණි. තවද  පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසින්  බන්දිත ගුදම් පහසුකම් යටතේ බදු නොගෙවා  ආනයනය කරණු ලැබු සීනි මෙට්‍රික්ටොන්  7608ක් 2020 ඔක්තෝබර් මස  13 දිනවනවිට  එම බන්දිත ගුදමේ රඳවා තිබුණි.

එම තොගයෙන්  සීනි මෙට්‍රික්ටොන්  7468ක්  බදු අඩුකළ දිනයේම සීනි කිලෝ ග්‍රැම් 01ක් සඳහා ශත 25ක බද්දක් ගෙවා  ගුදමෙන් ඉවත්කරගැනීමට එම සමාගම  කටයුතු කර තිබුණි. එමගින් එම පුද්ගලික සමාගමට එක් දිනක් තුල  රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක්  හිමිවි තිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එයින් පැහැදිළි වන්නේ බද්දු වැඩි කරන්නට පෙර ගෙන්වා තිබූ සීනිවලින් පමණක් පිරමිඩ් විල්මාර් සමාගම එක දිනයක් තුළ රුපියල් කෝටි 37ක ලාභයක් ලබා ඇති බවය.

එමෙන්ම බදු සහනය පැවති කාලය තුළ දී දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 59.234ක් ආනයනය කොට තිබුණි. බදු මුදල අඩු කිරීමෙන් පසු  දුඹුරු සීනි ආනයනයේ අසාමාන්‍ය  වර්ධනයක් දක්නට ලැබි තිබුණි. එක් ආනයනකරුවකු විසින් සීනි  ආනයනය සියයට හයකින් පමණ වර්ධනය කරගෙන තිබු අතර  එහි සාමාන්‍ය අගය සියයට 235කින් පමණ වැඩිවි තිබුණි. දුඹුරු සීනි සදහා පාලන මිලක් නියම නොකිරිම   අසාමාන්‍ය ලෙස සීනි ආනයනයේ වර්ධනයට හේතුවි තිබුණි.

ආනයන බලපත්‍

බදු සහන ලබා දීමෙන් පසු සීනි ආනයනය පාලනය  කිරීම සඳහා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සීනි ආනයන  බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය.  එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක  වි  නොතිබුණි.  සීනි ආනයනය කිරීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ සියලුම ඉල්ලුම්කරුවන්ට ඔවුන්  ඉල්ලුම්කල සියලු සීනි තොගයන් ආනයනය කිරිමට  ආනයන පාලක විසින් අනුමැතිය ලබා දි තිබුණි. සීනි ආනයනය සදහා බලපත්‍රක්‍රමය  2020 ඔක්තෝබර් මස 30 වැනිදින සිට  ක්‍රියාත්මක විය යුතුවිය. එහෙත්  බලපත්‍ර නිකුත්කිරිම  2020 නොවැම්බර් මස  18 වන දින දක්වා ප්‍රමාද වි තිබුණි. එම කාලය තුළ බලපත්‍ර නොමැතිව ආනයනකරුවන් 18 දෙනෙකු සීනි  මෙට්‍රක්ටොන් 101,527ක් ආනයනය කිරිමට  කටයුතු කරතිබුණි.

එහෙත්   ආනයන බලපත්‍ර සදහා පනවනු ලැබු දඩමුදල සියයට 05 සිට 02 දක්වා අඩුකිරිමට  ආනයන හා අපනයන පාලන  ජනරාල් විසින් කටයුතු කරනු ලැබ ඇත.  දඩමුදල අඩුකිරිමට ආනයන හා අපනයන පාලන  ජනරාල් වෙත බලතල නොමැති බව විගණන මගින් අනාවරණය කොට ඇත. මෙසේ දඩමුදල් අඩුකිරිම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 43.3 ක ආදායමක්  අහිමිවි තිබුණි. ඒ අතර විශාල ඩොලර් ප්‍රමාණයක් ද මේ වෙනුවෙන් නිකරුනේ වැය වී ඇත. මේ නිසා ඩොලර් පිටරටවල්වලට  ඇදියාම වැලැක්විමේ අරමුණින් සීනි ආනයනය පාලනය කිරිම සදහා මෙකි බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කර ඇත.

එහෙත් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක විමෙන් පසුව පවා  මාසික සීනි ආනයනය මෙට්‍රික්ටොන් 61,714ක් දක්වා වැඩිවිය. එය 20,000ක් පමණ අවශ්‍යතාව ඉක්මවා ආනයනය කිරීමකි.  මාසිකව ටොන්  බලපත්ක්‍රමය  ක්‍රියාත්මක විමට පෙර මාසික සීනි ආනයනය  මෙට්‍රික්ටොන්   41 779ක් විය. මේ අනුව බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක විමෙන් පසු මාසික සීනි ආනයනය  සියයට 47කින් වැඩිවි තිබුණි. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සිය වෘත්තිය වගකිම් නිසි පරිදි ඉටුකර  නොමැතිබවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

අවසන් නිර්දේශය

විගණකාධිපතිවරයාගේ අවසන් නිර්දේශය වන්නේ බදු අඩු කිරීම හේතුවෙන් ආණ්ඩුවටත් නොලැබුණු පාරිභෝගිකයාටත් නොලැබුණු සීනි ව්‍යාපාරිකයන්ගේ සාක්කුවට ගිය රුපියල්  කෝටි 16000ක් ආපසු අය කර ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසය. මේ මුදලින් සියයට 40ක් පමණ පිරමිඩ් විල්මාර් හිමි සජාන් මවුසුන්ගේ සාක්කුවට ගිය බවට විගණන වාර්තාවලින් පැහැදිළි වෙයි. හේතුව සියයට 40කට වැඩි සීනි ආනයන ඔහු විසින් සිදු කරන ලද නිසාය.

එහෙත් විගණකාධිතිවරයාට හිමි බලතල අනුව ඔවුන්ට මේ මුදල අත්පත් කර ගත නොහැකිය. ඒ සඳහා දැනට පවතින නීති පද්ධතිය තුළ කුමවේදයක් ද නැත. එසේ නම් කළ යත්තේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ   වරක් සඳහන් කළ පරිදි මෙම මුදල් ආපසු අය කර ගැනීම සඳහා නීති රීති සකස් කිරීමය. මේ සඳහා හොඳම තැන පාර්ලිමෙන්තුවය. මේ වනවිටත් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත මෙම වාර්තාව ගොස් ඇත.  එම කාරක සභාවට මේ සඳහා ක්‍රියාත්මක විය හැකිය. මේ වනවිට ගාලු මුවදොර පිටියේ අරගල කරන ජනතාව කියන්නේ පාර්ලිමෙන්තුවේ  225ම  එපා කියාය. අඩුම තරමේ ඔවුන්ගේ හිත හැදේනන හෝ මේ කටයුත්තට අත ගසන්නට  මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයන්ට වගකීමක් ඇත.

ඒ මේ සීනිවලින් හොරා කෑ කෝටි 16,000 ආපසු ගැනීමට අදාළ නෛතික පසුබිම නිර්මාණය කිරීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට දුන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී චීනෙට වෙන හැන්දකින් බෑ – ඉන්දීය මුදල් ඇමතිනිය කියයි

Next Post

විශේෂඥ වෛද්‍යවරුත් ජනපතිට සහ අගමැතිට වහා ඉවත්වන්නැයි කියති !

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.