කීර්ති ප්‍රනාන්දු –
2017 වර්ෂයේදී මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙකුගේ කණට ගැසූ එම පාසලේ විනය භාර ආචාර්යවරයා සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද එම ගුරුවරයාට සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ එක හමාරක වන්දියක් හා රජයෙන් ලක්ෂ පහක වන්දියක් ලෙස රුපියල් 6, 50, 000ක් ගෙවන ලෙස අද නියෝග කළේය.
මෙම වන්දිය අද සිට මාස හයක කාලයක් තුළ සිසුවාට ගෙවිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝග කළේය.
සිසුවාගේ පියා වන හේවමාද්දුමගේ කරුණාපාල සහ මව වන පල්ලෙකංකාණමලාගේ දෝන කුමුදිනී විසින් සිය දරුවාගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. ඒ මාතර පුහුල්වැල්ල මධ්‍යමහා විද්‍යාලයේ විනය භාර ආචාර්ය ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන හා විදුහල්පතිනිය එම්.ලීලාවතී ඇතුළු හය දෙනෙක් නම් කරමිනි.
සිසුවාගේ කණ හරහා එල්ල කර ඇති පහරින් ඔහුට ස්ථීර අඩු ශ්‍රවණාබාධ ජීවිත කාලය පුරා විදීමට සිදු වන බවට වෛද්‍ය වාර්තා සනාථ කරන බව කී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහරදීම දරුවෙකු එල්ල කර සිදු කළ කෲර හිංසනයක් බවත් එවැනි හිංසනයන් පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතීන්ට පවා අත්සන් කර ඇති බවත් පැවසීය.
මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු ගේ එකඟතාවය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා විසින් නිකුත් කරනු ලැබීය.