සීගිරිය නැරඹීමට පැමිණි කසකස්ථාන විදේශීය සංචාරකයන්ගෙන් අද එම පරිශ්‍රය පිරී ගිය බව මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කළේය.
සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල් කාර්ය මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ ඔවුන්ට සාර්ථක ගමනාන්තයක් ලබා දීමට හැකි වූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළේය.
රජය විසින් දෙන ලද සෞඛ්‍ය ආරක්ෂක නියමන් පිළිපැදීමටත්, දේශීය සංචාරකයන් හා මුසු නොකිරීමටත් කටයුතු කළ බව ද ඔවුහු පැවසූහ.
ජනවාරි 21 දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනයවන අනුරාධපුර, සීගිරය, පොලොන්නරුව ඇතුළු ජාතික උරුම ස්ථාන විවෘත වූයේය. ඒ රජයෙන් ප්‍රකාශිත සෞඛ්‍ය පිළිවෙත් රකිමිනි.