බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිව් හැවිරිදි දරුවා ඉදිරියේ දෙමව්පියන්ට පහර දි මැරූ අපරාධ කරුවන්ට බරපතල වැඩ ඇතිව 30 වසරක සිර දඬුවමක්…

by editor
සැප්තැම්බර් 6, 2023
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

පවුල් ආරවුලක් මත වසර 13කට පෙර කතරගම දේවාලේගමදී වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදීම මවට හා පියාට පොලුවලින් පහරදී පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියකට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 30000ක දඩ මුදලක් හා පිළිවෙළින් වසර 15 ක හා වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණය ඊයේ (05) සවස නියම කෙරුණි.

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ කතරගම පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි තිදරු පියෙකු වු දියුණුගලගේ තිලකරත්න හා ඔහුගේ වගාවක සේවකයෙකු ලෙස කටයුතු කල 39 හැවිරිදි වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නැමති අවිවාහක පුද්ගලයෙකුටය.

චුදිතයින් දෙදෙනා 2010 අගෝස්තු මස 23 වන දින කතරගම දේවාලේගමදී පවුල් ආරවුලක් දුරදිග ගොස් කතරගම පෙරගිරිගම පදිංචි පානමුල්ල ආරච්චිගේ කීර්ති කුමාර (සැමියා) හා දේවාලේගම බඩල්ගේ ශිරෝමි (බිරිද) දෙපළට සිය වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදිම පොලු වලින් පහරදී පිහියකින් ඇණ ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කතරගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කල අතර එහිදී අනාවරණය වි තිබුනේ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම මිනීමැරුම සිදුව තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට චුදිතයින් දෙදෙනා කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපතිවරයා විසින් 2018.02.06 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ චුදිතයින් දෙදෙනාට එරෙහිව නඩු පවරණ ලදි.

ඒ අනුව පැවති නඩු විභාගය අතරතුරදි චුදිතයින් දෙදෙනා විවෘත අධිකරණයේදී අදාල චෝදනාවන් සඳහා වරද පිළිගනු ලැබිය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතයින්ට පහත අයුරින් දඩුවම් නියම කෙරුණි.

පළමු චුදිත වු කතරගම පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි තිදරු පියෙකු වු දියුණුගලගේ තිලකරත්න යන අයට අදාල චෝදනාව සදහා වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි.චුදිත චඩ නොගෙවයි නම් තවත් වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. 

දෙවන චුදිත වු කතරගම පෙරගිරිගම පදිංචි 39 හැවිරිදි වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නැමති අයට වසර 15 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර එය වෙන් වෙන්ව ගෙවී යායුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි

.ඉහත දඩුවම් වලට අමතරව දෙවන චුදිතට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණු අතර චුදිත දඩ නොගෙවයි නම් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් ඔට්ටිසුඩාන් කැලෑවකින් ආරාමික නටබුන් සහිත පුරාවිද්‍යා භූමියක් හමුවෙයි…

Next Post

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මුලතිව් සමූහ මිනිවලේ කැණීම් නවතී!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.