කීර්ති ප්‍රනාන්දු –
සීලෝන් ටී සන්නාමය යටතේ අපනයනය සඳහා කසල තේ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් කසල තේ තොගය සමග විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කසල තේ තොගය ගම්පල ප්‍රදේශයේ සිට මුතුරාජවෙල පිහිටි ස්ථානයක් වෙත කොළඹ නුවර මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටිය දී බැලුම්මහර හන්දිය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අපනයනය සඳහා සූදානම් කර තිබූ එම තේ තොගය කිලෝ ග්‍රෑම් 8155ක් බව පොලිසිය පවසයි.
තේ තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි කරුවන්වන අතර ඔවුන් වයස අවුරුදු 28 හා 43 වියේ පසුවේ.
සැකකරුවන් හා අදාල තේ තොගය සමග යක්කල පොලිසියට බාර දී ඇති අතර යක්කල පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.