ලලිත් චාමින්ද –
රත්ගම මොරොයිතුඩුව ප්‍රදේශයේ කාන්තාවකගේ වම් අත හරහා උරස්කුහරය දක්වා පසාරුකරගෙන ගොස් තිබු මසුන් මැරිම සදහා යොදාගනු ලබන අඩිපහක පමණ යකඩ කුරක් ඉතා සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය වරුන්වන රසික පතිරණ හා පාලිත බටදුව විසින් කටයුතු කළහ.
සැත්කමට ලක්කළ කාන්තාව 40 හැවිරිදිවියේ පසුවන දෙදරුමවකි. මෙම කාන්තාවගේ සැමියා විසින් ඇයට මසුන් මැරිමට යොදාගනු ලබන යකඩකුරකින් ඇන තිබුණි.
අද (07) අළුයම 1.30ට පමණ යකඩකුර පිටින්ම ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ඇතුළත්කරනු ලැබිය. එම අවස්ථාවේ දි ඇය සිහිසුන්ව සිට ඇති අතර වෛද්‍යවරුන් දෙදෙනා විසින් පැය එකහමාරක පමණ ශල්‍යකර්මයකින් පසු අඩි 05ක් පමණ දිගින් යුතු යකඩ කුර ඉවත්කොට කාන්තාවගේ ජිවිතය බේරාගැනිමට කටයුතු කරනු ලැබිය.
මේ වනවිට එම කාන්තාව ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බැව් ජ්‍යෙෂ්ඨ නේවාසික ශල්‍ය වෛද්‍ය රසික පතිරණ කිවේය. ශල්‍ය වෛද්‍යවරයා මෙසේද පැවසුවේය.
“නිවසේදි ඇතිවු පවුල් ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාවට ඇයගේ සැමියා විසින් මසුන් මැරිමට ගන්නා යකඩ කුරකින් ඇන තිබුණා. ඇය අළුයම 1.30ට පමණ යකඩ කුර පිටින්ම රෝහලට ඇතුළත් කරලා තිබුණා. ඇයගේ වම් අත පසාරුකරගෙන උරස් කුහරය දක්වා මෙකි යකඩ කුර ඇනි තිබුනා.“
“නහරවලට හානිවෙලාද කියා පරික්ෂා කිරීමට සි.ටි. ස්කැන් පරික්ෂණයක් කළා. සි.ටි ස්කැන් පරික්ෂණය කිරිමට යකඩ කුරේ කොටසක් කැපිමට සිදුවුනා. සි.ටි ස්කැන් පරික්ෂණ වාර්තාව අනුව ඇයගේ නහරවලට හානියක් වෙලා තිබුණේ නැහැ.“
“පසුව මාංශපේශි බේරගෙන යකඩ කුර ශරිරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඇත්තටම ස්නායුවලටත් හානිවෙලා තිබුණේ නැහැ. මෙම කාන්තාව හොද සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා.“ යැයි රසික පතිරණ වෛද්‍යතුමා කිවේය.
කාන්තාවගේ සැමියා ධිවර කාර්මිකයෙකුවන අතර පවුල් ආරවුලක් දුරදිගයාමෙන් මෙම සිද්ධිය වි ඇති බව පොලිසිය පවසයි. ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය පරික්ෂණ පවත්වයි.