කඳාන දුම්රිය ස්ථානය අද වසා දැමුවේය.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දුම්රිය ස්ථානාධිපතිවරයාට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වීමත් සමග සෞඛ්‍ය උපදෙස් මත දුම්රිය ස්ථානය වසා දැමූ බවය.
මේ පසුබිමේ දී දුම්රිය ස්ථානය විෂබීජහරණ කර නැවත සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන තුරු වසා තැබීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.