සිරි දළදා වන්දනාව සඳහා පැමිණ පෝලිම්වල ලැගුම්ගෙන සිටි වියපත් උපාසකවරුන් තිදෙනෙක් ඊයේ (24) දිනය තුළ ජීවතක්ෂයට පත් වූ බව මහනුවර ජාතික රෝහල පවසයි. ඒ අනුව මේ වනවිට සිරි දළදා වන්දනාවට පැමිණ පෝලිම්වල රැඳී සිටිය දි මරණ 04ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ඊයේ දිනය තුළ පමණක් විජලන ඇතුළු උත්සන්න රෝගී තත්ත්වයන් හේතුවෙන් 47 දෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ වනවිට එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් දළදා වන්දනාවට පැමිණි බැතිමතුන්ගේ ගණන 317කි.
මේ වනවිට පෝලිම් ආශ්‍රිතව පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථාන 09කි. එම ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ දිනය තුළ 266 දෙනෙක් ප්‍රතිකාර ලබා ගත් බවත්, ගෙවුන දින 06 තුළ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා ගත් පිරිස 2500ක් ඉක්මවා ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.







