කීර්ති ප්‍රනාන්දු –
අති උතුම් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු සිදුකරන 2025 අප්‍රේල් මස 26 වැනි දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මස 26 දින රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන මෙන් රජය රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ලිඛිතව දන්වා ඇත.








