සිරි දළදා වන්දනාවට සහභාගීවන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13ක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ලබන 28 දක්වා දින 10ක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්කම කිරීමට කටයුතු යොදා තිබේ.
කොළඹ කොටුව සිට මහනුවර දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, ගම්පොල සිට මහනුවර දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර දක්වාත්, මහනුවර සිට ගම්පොල සහ කඩුගන්නාව දක්වාත් මෙම දුම්රිය වාර ක්‍රියාත්මක වේ.
මෙම දුම්රිය ධාවන යන්නේ කොළඹ කොටුව සිට මහනුවර දක්වා ගමන් කරන සාමාන්‍ය දුම්රියට අමතරවය.







