පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහට අද (03) දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැත්තේ ඒ සම්බන්ධයෙන් තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබෙන නිසා යැයි හිපටු ජනාධිපති කීවේය.
හිටපු ජනාධිපතිවරයා නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත.
තමන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන් දන්නා බව පවසමින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නුවරදී ප්‍රකාශ කරනු ලැබුවේත්, ඉන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනු ලැබුවේත් තමන් රහසිගතව මේ සම්බන්ධව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවය.