කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.
ඒ අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම් දීමට අනුව තෙවැනි වරටත් ප්‍රකාශ ලබාදීම වෙනුවෙනි.
සිරිල් ගාමිණි පියතුමා සතුව පවතින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාක්ෂි අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණි.
සිරිල් ගාමිණී පියතුමා පසුගිය 15 සහ 16 යන දෙදිනෙහි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට හේතුවී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් සම්මන්ත්‍රණයකදී කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.