සිරිල් ගාමිණි පියතුමා සිය කටඋත්තරය ලබා දීම සඳහා හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අංශය නිවේදනය කරයි.
එතුමන් හෙට උදේ 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටිනු ඇති බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන දන්වා සිටී.
ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ පිළිබඳ සිරිල් ගාමිණී පියතුමා විසින් කරන ලද ප්‍රකාශයකට අදාලව කටඋත්තරයක් ලබා ගැනීම සඳහා මීට දෙසතිකයට පෙර මෙම කැඳවීම කර තිබිණි.
මුල් කැඳවීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පියතුමන්ලා දෙදෙනෙක් ප්‍රකාශය ලබා ගැනීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටියේය.
අනතුරුව නොවැම්බර් 02 දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළ සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් පසු තමන් අත්අඩංගුවට ගැනීමට ඇති උත්සාහය වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
පසුගිය 08 වැනිදා එය සලකා බැලූ අතර නීතිපතිවරයා එහිදී දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බවය.
ඒ අනුව සිරිල් ගාමිණි පියතුමන් හෙට උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභියස පෙනී සිටීමට නියමිතය.