නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසට්පත්‍රය වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරීමත් සමග පරිප්පු, සීනී. සහල් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු 40ක් දක්වා එම නැව් සමාගම්වලට තමන්ගෙන් අය කර ගැනිමේ තත්වයක් උදාවිය හැකි බව ආනයන කරුවෝ පෙන්වා දෙති.
මීට පෙර ද එසේ ගාස්තු අය කිරිම නිසා ආදාළ ගැසට් නිවේදනය එවකට වරාය නාවික ඇමතිවරයාව සිටි මහින්ද සමරසිංහ විසින් නිකුත් කර තිබු අතර එමගින් ආදාළ භාණ්ඩ පැටවීම , ගොඩබෑම . ගුදම් ආදි සියලුම ගාස්තු නාවික සමාගම මගින් ගෙවනු ලැබු අතර ඒ සඳහා නිශ්ඡිත ගණන් ප්‍රකාශයට පත් කර තිබිනි.
එහෙත් මෙම ගැසට් පත්‍රය අවලංගු කිරිම නිසා ආදාල සියලුම ගාස්තු ආනයනකරු විසින් දැරිමට සිදුවන බැවින් එම මුදල යළිත් පාරිභෝගිකයා මත වැටීමේ තත්ත්වයක් උද්ගත වී ඇත.
මේ හේතුවෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වන සීනි , පරිප්පු , සහල් වැනි භාණ්ඩවල මිල යළිත් ඉහල යෑමේ අවදානමක් මතු වී තිබේ.
ආනයනකරුවන් හා පාරිභෝගිකයින් ආරක්ෂා කළ මෙම ගැසට් පත්‍රයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව ආදාල පාර්ශව සමග සාකච්ජා නොකොට එය අවලංගු කිරිමෙන් ගැටලු රැසක් මතුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී අබෙිසේකර කීවේය.