සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ඊයේ ( 21) රාත්‍රියේ කොළඹදී පැවති 2022 SLIM ජනතා සම්මාන උළෙලේදී “ජනතාවගේ නළුවා“ ලෙස අභිෂේක ලබමින් එම සම්මානයට පාත්‍ර විය.
රංජන් “ජනතාවගේ නළුවා“ සම්මානය බොහෝ වාරයක් දිනාගෙන ඇතත් මෙවර එම ම සම්මානය දිනාගෙන ඇත්තේ දැනට මාස 14කට අධික කාලයක් සිරගතව සිටියදී වීම විශේෂත්වයකි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දෙන ලෙස විපක්ෂය සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය විසින් කරන ලද ඉල්ලීම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ද මෙම කාරණය මතු කරන ලදී.