දිනසේන රතුගමගේ –
යාපනයේ මුස්ලිම් වෙළඳ සංගමය පළාතේ සෙසු ජාතීන්ට අයත් ප්‍රභූවරුන්ගේ සහභාගිතවයෙන් ඉෆ්තාර් උළෙලක් යාපනය ඔස්මානික් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පවත්වන ලදී.
ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරවීමේ අරමුණින් මුස්ලිම් ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කළ මෙම ඉෆ්තාර් උළෙලට යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් ඇතුළු හින්දු ජාතිකයින් විශාල පිරිසක්ද යාපනය පොලීසියේ හා විවිධ ආයතනවල ප්‍රධානීන් රැසක්ද සහභාගී වී සිටියහ.