ඇමරිකානු පුරවැසියන්ගේ කළු සල්ලි වත්කම් ලෙස ලෝකයේ කොතැන තිබුණත් සොයා ගත හැකියි -ඇමරිකානු කොංග්‍රසය කියයි…
ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත් කළ පාලනයට සම්බන්ධ තනි පවුල නියෝජනය කරන ඇමෙරිකානු පුරවැසියන් විසින් අයථා ලෙස උපයන ලද මුදල් භාවිත කර ඇමෙරිකාව තුළ තබාගෙන තිබෙන වත්කම් සහ ඉපයීම් පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු කොංග්‍රස් සභිකයකු වන ස්ටීවන් හොස්ෆෝර්ඩ් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.
ශ්‍රි ලංකාව ණය ගෙවීම් පැහැර හරින බව ප්‍රකාශ කිරීමෙන් නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කර ඇති බවත් මෙම තත්ත්වයට රට පත්වීම පසුපස එහි පාලනයේ වගකීම් දරන තනි පවුලක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර ඇමෙරිකානු පුරවැසි භාවය දරන එම පවුලේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාවේ සම්පත් අයථා ලෙස පරිහරණය කරමින් අමෙරිකාව තුළ සහ වෙනත් විදේශවල ලබාගෙන ඇති වත්කම් පිළිබඳව මෙලෙස විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කර ඇත.
ස්ටීවන් හොස්ෆෝර්ඩ් මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය අප්‍රියෙල් 22 වැනිදා නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නගරයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් කණ්ඩායමක් පවතින වර්තමාන තත්ත්වය හමුවේ ශ්‍රි ලංකාවට ආධාර කිරීම සඳහා සිදු කරන ලද අරමුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියක ට සම්බන්ධ ශ්‍රි ලාංකිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
හොස්ෆොර්ඩ් ඇමෙරිකානු කොංග්‍රස් සභාව තුළ මූල්‍ය විශුද්ධිකරණය සහ අයථා ඉපයීම් පිළිබඳව විමර්ශනය කිරීමේ බලය සහිත කමිටුවක සාමාජිකයෙක් ද වෙයි. ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම පවුලට සම්බන්ධ ඇමෙරිකානු පුරවැසි භාවය සහිත පුද්ගලයන් සතුව වෙනත් විදේශ රටවල අයථා ලෙස උපයන ලද වත්කම් පිළිබඳව ද විමර්ශනය කිරීමේ හැකියාවක් පවතින අතර මේ පිළිබඳ ද අවධානය යොමු කරන බවය.
එහිදී හොස්වර්ඩ් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් තමන් අදාළ පියවර කිහිපයක් ගෙන ඇති අතර මෙම සඳහා අමෙරිකානු කොංග්‍රස් පාර්මේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ ව කමිටුවේ ප්‍රධානියා වන කොංග්‍රස් සභික ග්‍රෙගරි මීක්ස් ගේ උපදෙස් සහ සහයෝගය ද ලබා ගන්නා බවය.
මෙම විදේශ කටයුතු පිළිබඳව කමිටුව එරට රාජ්‍ය තන්ත්‍රය තුළ බලපෑම් කළ හැකි ඉහළ පෙළේ කමිටුවක් බවද මෙම කොංග්‍රස් සභිකයන් සඳහන් කර ඇති බව දි අයිලන්ඩ් පුවත් පත වාර්තා කරයි.