පාකිස්ථානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා, තම ජීවිතය ද අවදානමක හෙළා බේරාගැනීමට තැත්කළ එරට වෙසෙන මලික් අද්නන් මහතා මෙරට පාර්ලිමේන්තුවට කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද මැතිසබේදී කීය.
ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රණාමය පුද කළ යුතු බවට කැටගොඩ මන්ත්‍රීවරයාගේ යෝජනාව විය.
“පාකිස්තානය අවාසනාවන්ත සිදුවීමක් සිදුවෙලා පසුගිය දිනවල එහි දී මරුමුවට පත්වුණා ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතා. ඔහු බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබා ඒ මිනීමරුවන් සමග සටන් කරපු මලීක් අද්නන් තරුණ මහතාට පාකිස්තාන රජයේ අගමැතිතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම ගෞරවය හිමිවෙලා තිබෙනවා. එතුමා මේ පාර්ලිමේන්තුවට කැඳවා අපේ ප්‍රණාමය පුද කළ යුතුයි කියල මම යෝජනා කරනවා.” යැයි ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා එහිදී යෝජනා කළේය.