බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියයට 7ක් කොමිස් ගන්න ඩොලර් ණය යෝජනාව ආවේ කොහෙන්දැයි ගම්මන්පිල කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සියයට හතක විශාල කොමිස් මුදලක් අය කරන බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගන්න අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල පිළිබඳ යෝජනාව ආවේ මුදල් අමාත්‍යංශයෙන් බව අද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මුදල් අමාත්‍යංශය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවකින් අනුමැතිය ලද මෙම යෝජනාවට අනුව මෙවැනි ආයතනයකින් අපට විශාල මුදලක් ලැබෙයිද යන්න පිළිබඳව තමන්ටද මෙම කැබිනට් මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන අවස්ථාවේදී අවිශ්වාසයක් පැවතුණු බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අතරතුරදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා දැනට දේශපාලන ක්ෂේත්‍රෙය් කතා බහට ලක්වන ඩොලර් බිලියන 2.5ක් සඳහා ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් හිමිවන බව කියන ණය යෝජනාව ගැන තවදුරටත් පැහැදිළි කළේ මෙසේය.

“ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් බිලියන 3.6ක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණයයි. මේ ඩොලර් ණය සඳහා වාර්ෂිකව 5.5% පොලියක් ගෙවනවා. ඒ අතරේ පසුගිය වසර ගණනාවක් පුරා ඊට වඩා අඩු පොලියට තෙල් සංස්ථාවට ණය ලබා දීමට විවිධ පාර්ශව යෝජනා ඉදිරිපත් කර තිබුණා. මේ යෝජනා නොසලකා හිටියොත් අඩු පොලි ණය ගැනීමට හැකියාව තිබිය දී සංස්ථාව වැඩි පොලියට ණය ලබා ගෙන ජනතාව මත පටවනවා කියන චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධ දැන්වීම් පල කරලා විධිමත් යෝජනා කැඳවීමකින් අඩු පොලි ණය ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට මම කැබිනට් අවසරය ඉල්ලුවා.

මේ ගැන මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය වුණේ මේ වෙලාවේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඩොලර් ණය මේ වගේ දැවැන්ත මුදලක් ගන්න යන විට කවුරුවත් ඉදිරිපත් වුණේ නැතිනම් ආණ්ඩුව විසින් දැනට විදේශවලින් ඩොලර් ණය ගැනීමට දරන උත්සාහයට අවාසි දායක ලෙස බලපාන්න පුළුවන් බවයි. ඒ නිසා අලුතින් යෝජනා කැදවීමක් ප්‍රසිද්ධ දැන්වීමකින් කරන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් හරහාමේ වනවිට ලැබී ඇති යෝජනා ඇගයීමකට ලක් කර පිළිගත හැකි යෝජනා තිබේනම් බාරගන්න කියලා මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණා. ඒ නිර්දේශයට තමයි අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබුණේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කළා. ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිළිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්. එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ශිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට පෙනුණා.

මෙතරම් දැවැන්ත මුදලක් මෙවැනි ආයතනයක් අපට දේවි කියා මම විශ්වාස කරන්නේ නෑ කියා මම ඇමති මණ්ඩලයටත් දැනුම් දුන්නා. නමුත් මේ යෝජනා නොසලකා හිටියා නම් අපි අඩු පොලියට ණය ලබා ගන්න තිබුණු අවස්ථාව මග හැරියා කියන චෝදනාව එල්ල වෙනවා. මේ ණය මුදල ලැබුනොත් හොදයි. නොලැබුනොත් ඉතින් කරන්න දෙයක් නෑ.“
ඔහු තවදුරටත් එසේ සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්…

Next Post

තෙල් මිල අද රෑ හෝ හෙට වැඩිවෙන්නේ නෑ

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.