ලලිත් චාමින්ද
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ අද පස්වරුවේ ඇතිවූ ගින්නක් ගාල්ල මහ නගර සභා සභාවේ ගිනි නිවන ඒකකය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් එක්ව නිවා දැමීමට කටයුතු කරනු ලැබුණි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පරිපථ මෙහෙයුම් ඒකකය තුළ ඇතිවූ විදුලි කාන්දුවකින් මෙම ගිනි ගැනීම හටගෙන ඇතැයි විශ්වාස කෙරේ.
මෙම තත්වයත් සමග ම හදිස්සියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි අවස්ථා සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි සේවක සේවිකාවන් සියලුදෙනාම පිටතට කැදවීමට කටයුතු කර ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් කාර්යාලය පරිවාස කොමසාරිස් කාර්යාලය දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලය ඇතුළු කාර්යාල රැසක් පිහිටා ඇති සත් මහල් ගොඩනැගිල්ලක් වේ.
මෙම ගොඩනැගිලි පරිශ්‍රය තුළ දහසකට අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් සේවය කරති.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි සංඥා ක්‍රියාත්මක වීමත් සමග සියලුදෙනාම පිටතට පැමිණ අතර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සැකසුම් ඒකකයේ නිලධාරීන් එක්ක ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණි.
මෙම තත්වයත් සමග ඊයේ පස්වරු 2.30 පමණ සිට පැයක පමණ කාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාන්‍ය කටයුතු අඩාලව පැවතිණි.
මේ සම්බන්ධයෙන් අප ගාල්ල දිස්ත්‍රික් ලේකම් නිශාන්ත වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ බිම්මහලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා කාර්යාල කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවරක් ගනු ලැබූ බවයි.