ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග රට පුරා විරෝධතා රැල්ලක් ඇති වෙමින් තිබේ.
උද්ඝෝෂකයින් මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය දිගන ප්‍රදේශයෙන් වසා දමා ඇත. ප්‍රධාන මාර්ගයේ වාහන ගමන සම්පූර්ණයෙන් නැවතී තිබේ.
රඹුක්න නගරයේ උද්ඝෝෂණ අරඹා විරෝධතාකරුවෝ සියලුම ප්‍රවේශ මාර්ග පමණක් නොව දුම්රිය මාර්ගයත් හරස්කර සිටිති. කොළඹ හලාවත පාර කාකපල්ලිය ප්‍රදේශයෙන් වසා දමා තිබේ. මුලු නුවරම වසා දමන්නට ජනතාව මේ වෙනවිට පෙළ ගැසෙමින් සිටිති. දැනට නුවර සියලු දුර ගමන් සේවා ගමනාගමනයන් නැවතී තිබේ.
අද උදෑසන සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම වටා ඇති සෑම මාර්ගයක්ම බස් රථවලින් අවහිරකර වසා දමා ගාලු නගරය ඔස්සේ කිසිම වාහනයක් ගමන් ගත නොහැකි සේ අවහිර කර බස්රථ සේවකයෝ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිස්ය දැනුම් දී ඇත.
මාතර ද මාර්ග හරස් කර වර්ජනය අරඹා ඇත.
ඔහු ඊයේ ඉන්ධන මිල ඉහළ යෑමට පෙර පුවත්පත් සාකච්ඡාවක් කැඳවා පැවසුවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සමග අවම බස් ගාස්තුව රුපියල් 40ක් වනු ඇති බවය.







