නතාෂා නෙත්මිණි –
කොවිඩ් වසංගතය මර්දනය සදහා චීනයේ නිෂ්පාදිත “සිනෝෆාම්” නැමැති එන්නත් ලක්ෂ 3ක තොගයක් ප්‍රධානය කිරීමට චීන රජය කැමැත්ත පළ කර ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සඳහන් කරයි.
මේ වන විට රුසියාවේද නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත පිළිබඳව රජයේ අවධානය යොමු ඇති නමුත් ජාතික ඖෂධ අධිකාරියේ අනුමැතියෙන් තොරව කිසිදු එන්නතක් මෙරටට ගෙන ඒමට කටයුතු නොකරන බවද හෙතෙම පැවසීය.
එන්නත් නිෂ්පාදනය කර ඇති රටවලින් එම එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදුකරමින් පවතින අතර ඔවුන් ලබා දෙන තීරණය අවසාන තීරණයවන බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වීරතුංග සඳහන් කළේය.
රටවල් කීපයක නිෂ්පාදනය කරන එන්නත් සඳහා ජාතික ඖෂධ අධිකාරිය අවසර ලබා දෙන්නේ නම් එම එන්නත් මෙරට භාවිතය සඳහා යොදා ගැනීමට නියමිතය.