සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිද්ධිය සමතයකට…. ලේ වමනය එන්නට තරුණයාට පහර දුන් කර්නල් පොලිස් ඇප මත නිදහස්…

පහර දුන් තරුණයාට බේත් හේත් කරගන්න වියදම් දෙන්න පොලිසියේ දී පොරොන්දු වෙලා...

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ වාහනේ පැති කණ්නාඩියේ  වැදුනේ යැයි කියන තරුණ  යතුරුපැදි කරුවෙකුට බොරලැස්ගමුව හල්පිට ප්‍රදේශයේ දී ලේ වමනේ යන තුරු මහ මග දමාගෙන පහර දුන් හමුදා කර්නල් වරයා පොලිස් ඇප තම නිදහස් කළ  බව බොරලැස්ගමුව පොලිසිය පවසයි

පහර කෑමට ලක් වූ  තරුණයා ලේ වමනය දමමින් සිටිය දී වෑතර රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරුව ගම්වාසීන් කර්නල් වරයාට  එතැනින් පිටවීමට ඉඩ නොදී පොලිසිය දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ දී කර්නල් වරයා පවසන්නේ තරුණයාගේ  රියදුරු බලපත්‍රය පරීක්ෂා කළ බවත් බලපත්‍රය නැති බැවින් පහර දුන් බවත්ය.

මොනම පදනමක් මත හෝ  කිසිවෙකුට පහර දිය නොහැකි බව පොලිසිය පවසද්දී එතැන සිටි වියපත් මිනිසෙක් කර්නල් වරයාගෙන් මෙසේ ඇසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ ඕයි… තමුසෙල කවද ඉඳන් ද ලයිෂන් චෙත් කරන්න ගත්තෙ“

කර්නල් වරයා තමන්ව වීඩියෝ නොකරන ලෙස බලපෑම් කරද්දී මිනිස්සු සිද්ධිය වීඩියෝ කර සමාජ මධ්‍යය ඔස්සේ බෙදා හැර  තිබිණි. මේ සම්බන්ධව ඊයේ රටේ විශාල කථිකාවක් ඇති විය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය විමසූ විට පොලිසිය පැවසුවේ සිද්ධියට ස්ථානාධිපතිවරයාම මැදිහත් වූ බවය.

“ මේ තරුණයට වලංගු රියදුරු බලපත්‍රයක් නෑ. එතැන වරදක් වෙලා තියනවා.  මොනම හේතුවක් මතවත් කිසිවෙකුට පහර දීමේ අයිතියක් නෑ. පහර දීම සම්බන්ධව කර්නල් වරයා බරපතල වරදක් කරලා තියනවා. මේ දෙපාර්ශවයම පොලිසියට ගෙන්නුවා.“

“ එහි දී පහර දීම පිළිබඳ පොලිස් පැමිණිල්ලක් කරන්න පහර කෑ තරුණයා ඉදිරිපත් වුනේ නෑ.  ඔහු එකඟතාවයට එන්න කැමති වුණා. කර්නල්වරයා පහර කෑ තරුණයාගේ සියලු ප්‍රතිකාර විදයම් දරන්න එකඟ වුනා. ඒ අනුව සිද්ධිය සමතයකට පත් කරලා පොලිස් පොතේ ලියලා පොලිස් ඇප මත කර්නල්වරයා මුදා හැරියා.“

පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

සිද්ධියට අදාලව මාධ්‍ය ඔස්සේ පලවුණු වීඩියෝව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දයාසිරි යළි වයඹ මහ පුටුවට සැරසෙයි

Next Post

බුදු දහම විශ්වයටම පොදුයි… ජාති ආගම් භේද නැතිව හදාරන්න… බුද්ධාගමට ඒ ගත් අන්වර් ෆාතිමා ජිහානා දියණිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.