2020 – 2021 වසරවල සිගරට් බදු වැඩි නොකිරීම නිසා රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇතැයි ADIC ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබුවේ අද මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී ය.
රට තුළ පවතින වර්ථමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රටේ බහුතර ජනතාවකට අඩුම බලපෑමක් වන පරිදි සිදුකළ හැකි සිගරට් බදු වැඩිකිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය මගින් 2019 වසරෙන් පසු කිසිදු අවස්ථාවක යෝජනා කිරීමක් හෝ අවධානය යොමු කිරීමක් සිදුකර නොමැති බව එම ආයතනය පෙන්වා දෙයි.
ඒ හරහා රජයට ලැබිය යුතුව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න බදු ආදායම ලංකා දුම්කොළ සමාගම (CTC) නමින් පෙනීසිටින, කොටස් අයිතියෙන් 84% සහිත බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) අයත් බහුජාතික සමාගම හරහා අය විය යුතුව තිබූ බවත් පසුගිය වසර දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු දිගින් දිගටම ඉහළ යද්දී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන සිගරට් බදු කිසි ලෙසකින් හෝ වැඩි නොකර පවත්වා ගැනීමට දුම්කොළ සමාගම, මුදල් අමාත්‍යාංශය හරහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කර ඇති බවත් ඇඩික් ආයතනය නිවේදනය කරයි.
රජය විසින් අහිමි කරගත් මෙම බදු මුදලේ වටිනාකම උදාහරණ සහිව එම ආයතනය පෙන්වා දෙයි.
- දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 100කි.
- මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වැය වූ මුදල රුපියල් බිලියන 91කි.
- ගුවන්තොටුපොළ පිවිසුම් අධිවේගී මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන39කි.
- මත්තල ගුවන් තොටුපොල සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 21කි.
මුදල් අමාත්‍යාංශයේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටට අහිමිවූ සිගරට් බදු මුදල් ප්‍රමාණය නිවැරදිව අයකරගනු ලැබුවේ නම්‚ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු මෙතරම් වැඩි නොකිරීමට රජයට හැකියාව තිබුණු බවත් එම ආයතනය පෙන්වා දෙයි.
“ අවසන් වරට 2019 වර්ෂයේ සිදුකළ සිගරට් බදු වැඩි කිරීමෙන් පසුව රජයේ බදු ආදායම ඉහළ යාම බිලියන 94.3ක් බව 2020 මහ බැංකු වාර්තාවේ (පිටු අංක – 155) සදහන් තිබෙනවා. ඊට පෙර වසරවල මහ බැංකු වාර්තාවලින් ද මෙය ඉතා සාර්ථක ක්‍රමෝපායක් බව සනාථ කර තිබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු දිගින් දිගටම ඉහළ දමනු ලබන කාලවකවානුවක වසර දෙකක් පුරා, මුදල් අමාත්‍යාංශයට මෙම බදු වැඩි කිරීම සම්පූර්ණයෙන් අමතක වීම විමතියට කරුණක්“ ඔවුහු පවසති.
මේ පිළිබඳව ඇඩික් ආයතනය විසින් නිකුත් කළ පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.