සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිගරට් එකටත් යටවුණු ආණ්ඩුව රුපියල් බිලියන 100ක් බදු අහිමි කරගෙන…

මුදල් අමාත්‍යාංශය සිගරට් කොම්පැණි එක්ක ඩීල් එකක ද?. ADIC කියන සිගරට් බදු කතාව!

by editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2020 – 2021 වසරවල සිගරට් බදු වැඩි නොකිරීම නිසා රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇතැයි ADIC ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබුවේ අද මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී ය.

රට තුළ පවතින වර්ථමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රටේ  බහුතර ජනතාවකට අඩුම බලපෑමක් වන පරිදි සිදුකළ හැකි සිගරට් බදු වැඩිකිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය මගින් 2019 වසරෙන් පසු කිසිදු අවස්ථාවක යෝජනා කිරීමක් හෝ  අවධානය යොමු කිරීමක් සිදුකර නොමැති බව එම ආයතනය පෙන්වා දෙයි.

ඒ හරහා රජයට ලැබිය යුතුව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න බදු ආදායම ලංකා දුම්කොළ සමාගම (CTC) නමින් පෙනීසිටින, කොටස් අයිතියෙන් 84% සහිත බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) අයත් බහුජාතික සමාගම හරහා අය විය යුතුව තිබූ  බවත් පසුගිය වසර දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු දිගින් දිගටම ඉහළ යද්දී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන සිගරට් බදු කිසි ලෙසකින් හෝ වැඩි නොකර පවත්වා ගැනීමට දුම්කොළ සමාගම, මුදල් අමාත්‍යාංශය හරහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කර ඇති  බවත් ඇඩික් ආයතනය නිවේදනය කරයි.

රජය විසින් අහිමි කරගත් මෙම බදු මුදලේ වටිනාකම උදාහරණ සහිව එම ආයතනය පෙන්වා දෙයි.

  • දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 100කි.
  • මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වැය වූ මුදල රුපියල් බිලියන 91කි.
  • ගුවන්තොටුපොළ පිවිසුම් අධිවේගී මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන39කි.
  • මත්තල ගුවන් තොටුපොල සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 21කි.

මුදල් අමාත්‍යාංශයේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටට අහිමිවූ සිගරට් බදු මුදල් ප්‍රමාණය නිවැරදිව අයකරගනු ලැබුවේ නම්‚ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු මෙතරම් වැඩි නොකිරීමට රජයට හැකියාව තිබුණු බවත් එම ආයතනය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අවසන් වරට 2019 වර්ෂයේ සිදුකළ සිගරට් බදු වැඩි කිරීමෙන් පසුව රජයේ බදු ආදායම ඉහළ යාම බිලියන 94.3ක් බව 2020 මහ බැංකු වාර්තාවේ (පිටු අංක – 155) සදහන් තිබෙනවා. ඊට පෙර වසරවල මහ බැංකු වාර්තාවලින් ද මෙය ඉතා සාර්ථක ක්‍රමෝපායක් බව සනාථ කර තිබුණා.  අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු දිගින් දිගටම ඉහළ දමනු ලබන කාලවකවානුවක වසර දෙකක් පුරා, මුදල් අමාත්‍යාංශයට මෙම බදු වැඩි කිරීම සම්පූර්ණයෙන් අමතක වීම විමතියට කරුණක්“ ඔවුහු පවසති.

මේ පිළිබඳව ඇඩික් ආයතනය විසින් නිකුත් කළ පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර රටට ගෙන්වන්නේ නැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි…

Next Post

නීරෝගී දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න තීන්දු කර නෑ… එන්නත් ඉල්ලමින් රෝහල් වෙත එන්න එපා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.