හැටන් රංජිත් රාජපක්ෂ –
හැකිනම් වතු කම්කරුවන්ගේ ජන්දය ලබාගෙන පෙන්වන ලෙසට තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියෝග කරන බව කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පැවසිය.
පලනි දිගම්බරම් ඒ බැව් කියා සිටියේ ඊයේ (10) මෙවර ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදී ය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු පලනි දිගම්බරම් මෙසේ ද කීවේය.
“ජනාධිපතිවරයා සහ මනුෂ නානායක්කාර කොටගල ප්‍රදේශයට ඇවිල්ලා සිංහයා වගේ කිව්වා වතු කම්කරුවන්ට රු 1700 වැටුප් වැඩි කරනවා කියලා.”
“අපිත් සතුටු වුණා… නමුත් තවම වැටුප හම්බවෙලා නැ… වතු සමාගම් දෙන්න බෑ කියනවා. දැන් වැටුප් නැති නිසා ඡන්දය නෑ ඒ අයට. දැන් බෝලේ පාස් කරනවා මට.
මමලු වතු සමාගම් වලට වැටුප් වැඩි කරන්න එපා කිව්වේ කියලා. මේ සියල්ල බොරු. වතු කම්කරුවන් දැන් බුද්ධිමත්. ජනතාව රවට්ටලා ජන්දය ගන්න බැලුවේ මේ අය.
මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා පුළුවන් නම් වතු කම්කරුවන්ගේ ජන්දය අරගෙන පෙන්වන්න. ජිවන් තොණ්ඩමන්ගේ පාක්ෂිකයන් දෙයි ඕනි නම්…”
පලනි දිගම්බරම් පැවසුවේය. මෙම රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.උදයකුමාර් ඇතුළු එම පක්ෂයේ සමාජිකයන් රැසක් සහභාගි විය







