අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ දැරියක් සිසුන් 22ක් විසින් 7 වරක් සමූහ දූෂණය කරලා… පාසලේ විනය කමිටුවත් සිද්ධිය යට ගහලා… තණමල්විල පොලිසිය විමර්ශන අරඹයි!

by editor
අගෝස්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • දැරියගේ පාසල් පෙම්වතා ඇයව නිවසකට රැගෙන ගොස් දැරියට මත් පැන් පොවා මිතුරන් සමග සමූහ දූෂණය කර එය වීඩියෝ කරලා… වීඩියෝව පෙන්වමින් දැරිය බිය ගන්වා නැවත නැවත සමූහ දූෂණය කරලා…

  • දූෂකයින් අතර ප්‍රදේශයේ ගුරු උපදේශකයෙකුගේ සහ ගුරුවරියකගේ දරුවෙක් සිටින නිසා පාසලේ විනය කමිටුව සහ විදුහල්පති සිද්ධියට කිසිම පියවරක් නොගෙන යට ගහලා…

  • සිද්ධිය වසන් කළ විදුහල්පතියට සහ පාසල් විනය කමිටුවටත් වැඩ වරදින ලකුණු 

තණමල්විල ප්‍රධාන පාසලක 11 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතකදි සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරිය විසින් තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

එම සිදුවිම පාසලේ විදුහල්පති වරයා, විනය කමිටුව හා සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනෙනකුද එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් තණමල්විල පොලිසිය කියයි.

තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මුලික විමර්ශනයක දී මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව අදාල දැරිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ විමසීමේ දී අදාල දැරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දි තිබේ.

අපයෝජනයට පත් සිසුවිය එම පාසලේම සිසුවෙකු හා මිතුරුකමක් පවත්වාගෙන ඇති අතර එම සිසුවා විසින් මෙම දැරිය රවටා යහළුවෙකුගේ නිවසකට රැගෙන ගොස් එහි සිටි තවත් සිසුන් කිහිප දෙනෙකු සමග මෙම දැරියට බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ ගත කර ඇත.

පසුව එම සැකකාර සිසුන් විසින් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතකදී එම පාසලේම සිසුස් 20 දෙනෙකු හා ප්‍රදේශයේ වෙනත් පාසැල් දෙකක් සිසුන් දෙදෙනෙකු ඇතුළු සිසුන් 22කු එක්ව සමූහ ලෙස දූෂණය කර තිබේ.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

එහි ආසන්නතම සිදුවිම පසුගිය දින සිදුව තිබුණේ කිරිඳිගඟ අසලදිය. එහිදී සිසුන් 07 දෙනෙකු එක්ව මෙම දැරිය කිරිඳිගඟ අසලට රැගෙන ගොස් සමුහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබේ.

එම සිදුවිම පිළිබදව මුලින්ම පාසලේ විදුහල්පති වරයා ඇතුළු විනය කමිටුවටද අනාවරණය වි ඇත. ඒ අනුව විදුහල්පති වරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාල සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර තිබේ.

මෙම සැකකාර සිසුන් පිරිස අතරින් එක් සිසුවෙකුගේ පියෙකු තණමල්විල කලාපයේම ගුරු උපදේශක වරයෙකු වන අතර මවද පාසැල් ගුරුවරියක වෙයි. මේ හේතුව නිසාම සිද්ධියට අදාලව නිතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය විසින් දෙමාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක්ද නොගෙනය.

මේ වන විට පොලිසිය විසින් සිදුකර ඇති මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසැල්වල ක්‍රීඩා තරග වලට ගිය අවස්ථාවන් වලදී වැසිකිළි තුළ හා ක්‍රිඩා විවේකාගාර තුළදී ,විවිධ සිසුන්ගේ නිවෙස් තුළදී හා කිරිදිගඟ අසල කැලෑ තුළදී ද මෙම දූෂණ සිදුකර ඇති බවයි.

කෙසේ නමුත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පති වරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම ප්‍රකාශ විමර්ශනය කිරිමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22 ඇතුළු ඊට ආධාර අනුබල දුන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව අප කළ විමසිමකදි තණමල්විල පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේය.

මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය ගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිංහයා වගේ එනවා… බොරු කියලා යනවා… පුලුවන්නම් වතු කම්කරුවන්ගේ ඡන්ද අරන් පෙන්වන්න… දිගම්බරම් ජනපතිට අභියෝග කරයි!

Next Post

පොහොට්ටුව දකුණට නව ආසන සංවිධායකවරු පත් කරයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.