සිංගප්පූරුව සමග ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං (Lee Hsien Loong) වෙත පවසා තිබේ.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අද (27) ජපානයේ ටෝකියෝ නුවර දී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
ජනාධිපති කාර්යාලයේ ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා සිංගප්පූරු අගමැතිවරයා ට පවසා තිබේ.
සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බව ද සිංගප්පූරු අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට එක්වන ලෙස සිංගප්පූරු අගමැතිවරයාට ආරාධනා කර ඇත.