සිංගප්පූරුවේ මහල් නිවාසයකින් වැටී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලැබී ඇති බව එහි සභාපති ඒ.ඒ.එම්. හිල්මි අසීස් කියා සිටියේය.
සිංගප්පූරුවේ සේවය කළ 40 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘම සේවිකාවක් නිවාස සංකීර්ණයක 8 වැනි මහලෙන් වැටීමකින් බ්‍රහස්පතින්දා මිය ගියේය.
මියගිය කාන්තාව දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය එහි හිමිකරුගෙන් විවිධ හිරිහැරවලට ලක්වන බව ඇගේ හිතවතුන්ට දන්වා ඇති බව වාර්තා වේ.
ඇය නැවත ලංකාවට එවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ නමුත් ඇය විදෙස් රටට ගිය අනුග්‍රාහකයාගෙන් යහපත් පිළිතුරක් නොලැබුණු බව ඇය ඔවුන්ට පවසා ඇත.
ඇයගේ දේහය මැයි 20 සිකුරාදා කොළඹට රැගෙන ඒමට නියමිත වූ අතර මිය ගිය දිනයේම සිංගප්පූරුවේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
මේ අතර විදේශ අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා මරණය තහවුරු කරමින් කියා සිටියේ සිංගප්පූරු බලධාරීන් තවමත් පරීක්ෂණ පවත්වන බවයි. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ප්‍රියංග වික්‍රමසිංහ කියා සිටියේ මරණයට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට පැමිණ නොමැති බවයි.