ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමේ අරමුණින් එරට කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි රාජ්ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.
ඉදිරියේදී දෛනිකව බිත්තර මිලියනයක් පමණ මෙරටට ආනයනය කිරීමට සැලසුම් ප්‍රකාරව මෙම ගමන සංවිධානයය කළ බවත් අදාල නිලධාරීන් ඉන්දියාවේ චෙන්නාහි පිහිටි කුකුළු ගොවිපොළ කිහිපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබන ඉරිදා දිවයිනට පැමිණීමට නියමිත බවත් සභාපතිවරයා පැවසුවේය.
මේ වනවිට ඉන්දියාවේ කුකුළු ගොවිපොළ 03කින් මෙරටට බිත්තර ආනයනය සිදුකරන අතර එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ගොවිපොළ කිහිපයක් හඳුනාගැනීම මෙම සංචාරයේ අරමුණ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.