ශ්‍රියානි විජේසිංහ –
ක්ෂරෝග විෂබීජය ශරීර ගතවන දරුවන් 300ක් පමණ දෙනා වාර්ෂිකව හඳුනා ගන්නා බවත් වාර්තා නොවන රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවත් ළමා ශ්වසනරෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි.
ඇතැම් විට දරුවන්ට ක්ෂය රෝග විෂබීජය ශරීර ගත වුවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් අවදානම් පරිසරයන් තුළ ජීවත් වන දරුවන්කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයිද විශේෂඥවරයා විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
දරුවන්ට ක්ෂයරෝග විෂබීජය ශරීර ගත වුවහොත් එය දරුවාගේ සිරුරේ සියලුම අවයවයන්ට සහ මොළයට බලපෑම් ඇති කළ හැකි සේම ඇතැම් විට අංගවිලකතාවන්ට ලක් කළ හැකි බව විශේෂඥවරයා අවධාරණය කරයි.
ක්ෂයරෝග විෂබීජයෙන් සිදුවිය හැකි හානිය අවම කිරීමේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට ක්ෂයරෝග වලක්වා ගැනීම සඳහා වන එන්නත ලබා දීමට කටයුතු කරන්නැයි විශේෂඥවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
කුඩා දරුවන් සිටින නිවසේ ක්ෂයරෝගය වැලඳුණු පුද්ගලයින් සිටින්නේ නම් කුඩා දරුවන්ව වහාම ළඟම ඇති ළයරෝග සායනයට හෝ රජයේ රෝහලක් වෙත ගෙන ගොස් පරික්ෂා කර ගන්නැයිද වෛද්‍ය චන්න ද සිල්වා උපදෙස් දෙයි.