අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැලසුම් කළ සියලුම සැත්කම් ඉවරයි…. නිර්වින්දන විශේෂඥවරයා නොදන්වා රට හැර යාමෙන් හම්බන්තොට මහ රෝහල බරපතල අර්බුදයක…

by editor
අගෝස්තු 12, 2023
in පුවත්
Hospital
Share on FacebookShare on Twitter

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විධිමත් අවසරයකින් තොරව  හොර රහසේම විදෙස් ගත වීම හේතුවෙන්   දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනා රෝගීන් කීප දෙනෙකු සඳහා සැලසුම් කර තිබූ  අත්‍යාවශ්‍ය ජීවිත ආරක්ෂක සැත්කම් සහ සිසේරියන් සැත්කම් ඇතුළු සැලසුම් කළ සියලුම සැත්කම්    කරගත නොහැකිව සෙසු විශේෂඥ වෛද්‍යවරු  බරපතල  අර්බුදයකට මුහුණ දී   ඇතැයි  ඇතැයි වාර්තා වේ.

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් කරන සැත්කම්  හා සඳුදා දිනයේ සිට දෛනිකව සිදුකරන සැලසුම් කළ සැත්කම් පහකට ආසන්න ප්‍රමාණය   සඳහා  පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරීමට අනිවාර්යෙන්ම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුව ඇත.

එසේ තිබිය දී  විදේශගතවීම සඳහා විධිමත් අවසරයකින් තොරව මෙම නිර්වින්දන වෛද්‍යවරයා රටින් පිටවී ඇත්තේ දින කීපයක කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් යැයි  රෝහල් ආරංචි මාර්ග කියයි..

ඔහු විදේශගත වී ඇති බවන දන්නේ  අද  (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමන් එංගලන්තයට පැමිණි බව දැන්වීමෙන් අනතුරුව යැයි දැනගන්නට ඇත.  මේ වනවිට වෛද්‍යවරුන් රටින් පැන යන ආකාරය මෙය බවත්, මේ සිද්ධිය පෙළ ගැසී ඇති ආකාරය අනුව ඔහු යළිත් රටට එනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම වෛද්‍යවරයා විශේෂඥ පුහුණුව සහිතව ලංකාවට පැමිණ ලද පළමු පත්වීම මෙය වීමත් එම පත්වීම් ධූරයේ ඔහු රාජකාරි කර ඇත්තේ මාස තුනක පමණ කෙටි කාලයක් වීමත් ගැන රෝහල් ආරංචි මාර්ග කතා කරන්නේ කළකිරීමෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර  පවසා ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක  නිවාඩුවක්  ලබා ගත් නමුත් විදෙස් ගත වී ඇති බව රෝහලේ දී ආරංචිවන තුරු නොදන්නා බවය.

නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ඔහු ලිඛිතව   දැනුම් දි නැතැයි  කී රෝහල් අධ්‍යක්ෂවරයා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න නම් බරපතල ප්‍රශ්නයක් බව පවසා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මණ්ඩලයෙන් ශත 16ට දෙන වතුර ලීටරය මිල වැඩියි කියන්නේ රුපියල් 150ට සුපර් මාර්කට් එකෙන් වතුර ලීටරයක් ගන්න අය!

Next Post

හලාවත 9 හැවිරිදි දැරියගේ සැක සහිත මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.