ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කතියටෝලි වන රක්ෂිතය තුළ මිය ගිය වන අලින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති අතර මෙම මරණවලට හේතුව ඔවුන් අකුණු ප්‍රහාරයකට ලක්වීම බවට එරට වන සංරක්ෂණ බලධාරීහු විශ්වාස කරති.
ඊයේ (13) මෙම වන අලින්ගේ සිරුරු දැක ගන්නට හැකිව ඇති අතර මෙම සිදුවීම පසුගිය බදාදා සිදුවන්නට ඇති බවට ඇසැම් ප්‍රාන්තයේ ප්‍රධාන වන සංරක්ෂකවරයා වන අමිත් සහේ පවසයි.
වන අඩවියේ කඳුකර ප්‍රදේශයක මෙම අලි සිරුරු හමුව ඇති අතර වසර 20ක කාලය තුළ වන අලින් රංචු වශයෙන් මිය ගිය පළමු සිදුවීම මෙය බවට සැලකේ. ප්‍රධාන වන සංරක්ෂක අමිත් සහේට අනුව මෙම අලි සිරුරු ස්ථාන දෙකකදී හමුව ඇති අතර එක ස්ථානයක අලින් 14 දෙනකු මිය ගොස් සිටි අතර තවත් ස්ථානයක අලින් සිව් දෙනකු මියගොස් තිබුණි.