අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 12ක් සම්බන්ධව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුව ලබා දුන් නිවේදනය අවලංගු කරමින් ඉදිරි දින තුළ සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දිවයින පුරා ගමන් තහනම හේතුවෙන් අද (14) හෙට (15) සහ අනිද්දා (16) මෙම දුම්රිය සේවා අත්හිටුවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිනි සෙනෙවිරත්න පැවසුවේය.