ලලිත් චාමින්ද –
සා.පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ගේ උත්තර පත්‍ර රැගෙන යමින් සිටි දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ගමන් ගත් තිබු වෑන් රථයක් දොඩන්දුව පාලම අසලදි මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් වු අනතුරකින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සහ වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
ඊයේ (31) පස්වරුවේ දි මෙම අනතුර වි ඇත. අම්බලන්ගොඩ, හික්කඩුව ප්‍රදේශවල ස්ථාපිතකොට ඇති විභාග මධ්‍යස්ථානවල සාමාන්‍ය පෙළ සිසු දරු දැරියන්ගේ උත්තර පත්‍ර රැගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. වෑන් රථය ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබි ඇත. රියදුරුට වෑන් රථය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ වැදි ඇති බව විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
වෑන් රථය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් එකක් වන අතර රියදුරුගේ පාද වලට බරපතල තුවාල වි ඇති බව පොලිසිය පවසයි. හික්කඩුව පොලිස් ස්ථානාධිපති ලලිත සදගිරි ගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.