දිනසේන රතුගමගේ –
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි කිළිනොච්චියේ පලෙයි ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් බිම් බෝම්බයකට හසුවී බරපතල ලෙස තුවාල ලබා ඊයේ ( 22 ) කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
පැරණි බිම් බෝම්බයක් ඇගේ පයට පෑගීම නිසා එය හදිසියේ පත්තු වී යාමෙන් ඇය බරපතල තුවාල ලබා ඇති අතර ඇයව කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහලට මාරු කොට යැවීමෙන් පසුව සිදු කළ ශල්‍ය කර්මයකින් ඇගේ වම් පාදයේ ඇගිලි දෙකක් ඉවත් කොට තිබේ.
එම ශිෂ්‍යාව මව සමග අසල හේනකට ගොස් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.







