ඉන්දියාවේ කාන්තා සම්පත් සංවර්ධන හා උද්‍යාන විද්‍යාව පිළිබඳ අමාත්‍ය සල්හුටුනුඕ කෘෘසේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් මහා පරිමාණ නිෂ්පාදනය සඳහා සාම්ප්‍රදායික රෙදි විවීම නැවත පණ ගැන්වීමේ වැදගත්කම අවධාරණය කරයි.
ඇය මේබ අවධාරණය කරනු ලැබුවේ ඉකුත්දා පැවති විශේෂ විශේෂ වැඩසටනහනට එක් වූ අවස්ථාවේදීය. එහිදී ඇය විසින් මල් වගාම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ අතර , බටහිර අංගමි ප්‍රදේශවල කාන්තා ගොවීන්ට සහ මල් වගා කරන්නන්ට ව්‍යාපාර කිරීමට හැකි වන පරිදි සුබ්සා හි අධිවේගී මාර්ගය ඔස්සේ අලෙවිකරණ මඩු ඉදිකිරීමට සැලසුම් කිහිපයක් සකස් කර ඇති බව රැස්ව සිටි ජනතාව දන්වා සිටියාය.
උනන්දුවක් දක්වන අය සඳහා මල් බීජ සහ එළවළු ඕනෑතර්ම පවතින බව ද ඇය දැනුම් දුන්නාය. කාන්තා සම්පත් සංවර්ධන හා උද්‍යාන විද්‍යාවේ අරමුණු පිළිබඳව ද ඇය අවධාරණය කළ අතර, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු වන්නේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරමින් ස්වයංපෝෂිතව සිටීමට උපකාර කිරීම බව ද ඇය පැවසුවාය.
මෙම අවස්ථාවේදී අමාත්‍යවරිය මත ජයග්‍රහනය තහවුරු කරගැනීමට ජනාතව ලබා දුන් සහයද අගය කළ අතර තමන් ඉදිරියේදී ජනතාවට අඛණ්ඩව සේවය කිරීමට කැපවන බවට සඳහන් කළාය.
එහිදී අමාත්‍යවරිය විසින් ඉන්දීය කාන්තාවන් සවිබල ගැනීමත් ඔවුන්ගේ දායකත්වය ශ්‍රම බලකාය ඉතා අවශ්‍ය බවද පෙන්වා දුන්නයා. එහිදී ඇය ඊට අවශ්‍ය නායක්තවය ලබාදීමට සූදානම් බවත් මේවන විටත් ඊට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවද සඳහන් කළාය.