සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාකච්ඡා කර ඕනෑම කාරණාවක් විසඳා ගත හැකියි… කඩාකප්පල්කාරී වැඩ වලට යන්න එපා… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදුලි වෘත්තීය සමිතිවලින් ඉල්ලයි!

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡා කර ඕනෑම කාරණාවක් විසඳා ගත හැකි බවත්, සමස්ථ ජනතාවටම සහන සැපයීම සඳහා රජය විද්‍යාත්මකව කටයුතු දියත් කළේ වෘත්තීය සමිති සමග ප්‍රමාණවත් තරම් සාකච්ඡා කර බැවින් කඩකප්පල්කාරී ක්‍රියාවලට නොපෙළඹෙන්නැයි විදුලි සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

“2025 අංක 14 දරන විදුලිබල සංශෝධන පනත ප්‍රකාරව සියයට සීයක් රජය සතු සමාගම් 06ක් ආරම්භකර පවත්වාගෙන යන්න හදන්නේ. විදුලිය ජනනය, සම්ප්‍රේක්ෂණය, පද්ධති පාලනය සහ බෙදා හැරීම සඳහා වන මේ රාජ්‍ය සමාගම් 04 ලියාපදිංචි කරලා අවසානයි. මේ රාජ්‍ය සමාගම් 04ට තමයි විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඔවුන්ගේ කැමැත්ත පරිදි ඇතුළත් කරගන්න කටයුතු කරන්නේ.”

“ඒ සඳහා ඔක්තෝම්බර් 27 දක්වා දින ලබා දී තිබෙනවා. මේ සමාගම් හතරට සියයට සීයක් භාණ්ඩාගාර ලේකම් සතුවන රජය සතු සමාගම් හතරට ඇතුළත් වෙන්න අකමැති සේවකයෙක් ඉන්නවා නම් ඔව්න්ට උපරිමය ලක්ෂ 50කට යටත්වන වන්දි මුදලක් ලබාගෙන ඉවත් වෙන්න අවස්ථාව තිබෙනවා. ඒක තිබෙන්නේ සේවකයා මත.  “

“තවත් සමාගම් දෙකක් ස්ථාපිත කරනවා. එකක් තමයි විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් පිළිබඳ කටයුතු කරන සමාගමක්. මේ සමාගම් ප්‍රධාන සමාගම් 04ට ඇතුළත් නොවී පරිවර්තනීය කටයුතුවලට අවශ්‍ය  කෙටි කාලීන සමාගම් පවත්වාගෙන යනවා. “

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“මේ සමාගම් දෙකම සේවකයින් ඇතුළත් කරගන්නා සමාගම් නෙමෙයි. සංක්‍රාන්ති අවධියේ දී පිහිටුවන සමාගම් දෙකක්. මේ ගැන විදුලිබල මණ්ඩල සභාපතිවරයා, විදුලි බල ඇමතිවරයා සාකච්ඡා වට ගණනාවක් වෘත්තීය සමිති එක්ක කළා.  වෘත්තීය සමිති සතුටු වෙන්න ඕන කලින් රජය සතු සමාගම්වලට නොදී විදුලිබල පුද්ගලික සමාගම් කරන්න ගිය එක වෙනුවට මේ වනවිට රාජ්‍ය සමාගම් හතරක  හැදෙන එකට.”

“මේ රට ආර්ථික වශයෙන් නැගී සිටින්නට මෙන්ම සමස්ථ ජනතාවට සහන සැලසීමට විද්‍යානුකූලව කටයුතු කරමින් ඇති අවස්ථාවක එය කඩාකප්පල් කරන්න එපා. ඕනෑම දෙයක් සාකච්ඡා කරන්න පුලුවන්. සියයට සීයක් රජය සතු සමාගම් වෙනවා නම් ඉන්න විදුලි බල සේවකයින්ට විරුද්ධතාවය දක්වන්න ඕන නෑ. ඒ ලෙස සේවය කරන්න බැරිනම් ඉවත් වීම සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීලා තියනවා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පල්ලියකට යාබද ඉඩමක වළ දමා තිබූ අත් බෝම්බ 04ක් සොයා ගනී…

Next Post

අම්බලන්ගොඩ දි පුද්ගයෙකුට වෙඩි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.