ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 කරන්නේ කුමණ ආකාරයේ දේශපාලනයක් දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රශ්න කළේය.
අවුරුදු දෙක හමාරක් තමන්ට රැවටීම් කළ, නොසලකා හළ, ඇහුම්කන් නුදුන් ජනාධිපතිවරයා අත්හැර ස්වාධීන වීමෙන් පසු පැවැත්වූ පළමු සාකච්ඡාවවන අන්තර්වාර පාලනයක් ගැනවූ සාකච්ඡාව නිමකර ගෙදර එන විට ඔවුන්ගේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් බිලී බා ගත් ජනාධිපතිවරයාගේ ගුබ්බෑයමට නැවත වරක් බඩගෑම සම්බන්ධව කෙසේ තේරුම් ගත යුතු දැයි නොදන්නා බව ඔහු කීවේය.
“ අවුරුදු දෙක හමාරක් සාකච්ඡාවක් දුන්නෙ නෑ කිව්වා. දෙනවා කී කැබිනට් ඇමතිකම් දුන්නෙ නෑ කිව්වා., ජනපතිවරයාට වැඩ කරන්න බෑ කියලා එළිය ආවා. ඇවිත් නැවත ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධව විශ්වාස කරමින් ජාතික ආණ්ඩු පිහිටුවී සම්බන්ධ සාකච්ඡාවට ගියා. ගිහින් එනකොට මන්ත්‍රීවරු තුන්දෙනෙක් බිලී බාගෙන. “
“ ඊට පස්සේ ලොකු සටන්කාමීත්වයක් පෙන්නුවා. මේ ජනාධිපතිවරයා සමග ආයෙ සාකච්ඡාවට යන්නෙ නෑ කිව්වා. එහෙම කියපු අය දැන් ආයෙ පූස්පැටව් වගේ ජනාධිපතිවරයාගේ ගුබ්බෑයමට රිංගනවා.“ මේ ඔවුන් රැවටෙනවා ද නැතිනම් රටේ මිනිස්නු රවටනවා ද යන්න තේරුම් ගත යුතු බව කී මන්ත්‍රීවරයා මේ හිඟන දේශපාලනය කුමක් දැයි ප්‍රශ්න කළේය.