සමන්තිකා වීරවර්ධන –
රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන ස්පුට්නික් එන්නතේ මාත්‍රා මිලියන 13ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව එකඟ වි ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මින් මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයෙන් මාත්‍රා 15000ක් මේ සති අන්තයේ මෙරටට ලැබෙනු ඇතැයි සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක කියයි.
මෙම මාත්‍රා 15000ක ප්‍රමාණය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ලැබෙන අතර එය ගබඩාකරගත යුතු උෂ්ණත්ව පරාසයන් තීරණය කිරීම, ප්‍රවාහනය සිදුකළ යුතු අන්දම, ගබඩා කර ගන්නා අයුරු ආදිය පිලිබඳ අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඉතිරි මාත්‍රා 1 85000 ක ප්‍රමාණය ලබාදීමට රුසියානු රජය එකග වී ඇතැයි ඔහු කියයි.







